මධ්‍යම නේපාලයේ Pokhara ගුවන් තොටුපළ ආසන්නයේදී පුද්ගලයින් 72 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටී ඇති අතර මළ සිරුරු 16 ක් ගොඩ ගෙන ඇති බව බලධාරීහු පවසති.
ATR 72 Yeti Airlines ගුවන් යානය කත්මන්ඩු සිට Pokhara දක්වා පියාසර කරමින් සිටියදී ගොඩබෑමේදී කඩා වැටී ගිනිගෙන තිබේ.
යානයේ විදේශිකයන් 10 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අනතුරට ලක් වූ ස්ථානයේ මුදාගැනීමේ කටයුතුවල නේපාල සොල්දාදුවෝ නිරතව සිටිති.
“අපි තවත් මළ සිරුරු සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා,” හමුදා ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ යානය කෑලිවලට කැඩී ගොස් ඇති බව පෙන්වා දෙමිනි.
අගමැති පුෂ්ප කමල් දහාල් සිය කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙස රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
0 Comments