oic-ganja-arrested

මොණරාගල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට ගංජා සැපයීම සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයකට අනුව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදි.
ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



පසුගිය 06 වැනිදා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් විසින් කැබිලිත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමෙන් පසු ගංජා තොගය කපා ට්‍රැක්ටර් රථයක පටවා පොලිසියට රැගෙනවිත් ඇති අතර මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත ඉන් කොටසක් ලබා දී තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක්ද පසුගියදා සොයා ගැනුණි.
මේ අනුව එම සිද්ධියට අදාළව මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණි.



මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි මේ වනවිට තහනම ට ලක් කර තිබෙයි. අදාළ මාධ්‍ය නිවේදනය පහතින්