කුරුණෑගල, පොතුහැර පිහිටි ආන්දෝලනාත්මක ආදර්ශ ශ්‍රී දළදා මාලිගාවේ 'පත්තිරිප්පුව' අද (8) දහවල් කඩා ඉවත් කර ඇතැයි වාර්තාවේ.
මහානායක හිමිවරුන්ගේ පැමිණිල්ලට අනුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණයක්ද මේ ගැන ක්‍රියාත්මකය. මේ ගැන කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණ අතර මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාද ඒ වෙත ඊයේ ගොස් තර්ජනය කර තිබුණි.
මෙම දළදා මාළිගාව රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස හා වන්දනාමාන කරන්නන්ට වැඳපුදාගන්නා ස්ථානයක් ලෙස ප්‍රචාරය කර සෙනග ගෙන්වාගෙන මුදල් ඉපැයීමට බෝසත් සේනාධිපති නමැති මෙහි හිමිකරු උත්සාහ ගෙන තිබුනේය. මහනුවර දළදා වහන්සේ දැන් නැතැයිද නියම දළදා වහන්සේ තමන් වෙත වඩින බවද ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කර තිබුනේය.
ඇතිවූ විරෝධතා වලින් පසු පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම ඔහු විසින්ම සිදු කිරීම විශේෂිතය.
0 Comments