අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලි කප්පාදුවක්සිදු නොකිරීමට අද (25) සවස බලධාරීන් තීරණය කරන ලද අතර ඒ අනුව 25 සිට විභාගය අවසන් වන ලබන 17 දින තෙක්
අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී බලධාරීන් එකඟතාව පළ කර තිබුණි.
අද පස්වරු 4 ට පැවති සාකච්ඡාවේදී විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට මානව හිමිකම් කොමිෂන් සභාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට කළ යෝජනා සාර්ථක විය.
කෙසේ වෙතත් මෙම තීරණය සවස ලැබී අද 25 සිට විදුලිය කප්පාදුව සිදු නොකරන බවට කීවත් අඛන්ඩ සැපයුම ගැන නිල වශයෙන් දැනුම් නොදීමේ පදනම මත අද 25 රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශ වල කාලසටහන ප්‍රකාරව විදුලි කප්පාදුව සිදු කර තිබේ.
අපේක්ෂා කරන්නේ එම කප්පාදුව හෙට (26) සිට නතර වනු ඇති බවටයි.
0 Comments