
විදේශිකයන් සඳහා පමණක් වෙන් වූ රා සැණකෙළියක් කොළඹදී පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ නිපදවන පොල්, කිතුල් සහ තල් රා සඳහා දෙස් විදෙස් වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම තවත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සැණකෙළිය පවත්වන බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය පැවසීය. තවද මෙම සැණකෙළියේදී පොල්, කිතුල් හා තල් ආශ්‍රිතව නිපදවන අනෙකුත් නිෂ්පාදන ද අලෙවි කිරීමට දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව ලබා දීමට නියමිතය.
මෙම සැණකෙළියට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළුවීමට අවස්ථාව නොලැබේ. මේ වනවිට ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් තල් හා කිතුල් රා රටවල් කීපයකට අපනයනය කරයි. පලතුරුවලින් නිපදවන ‘‘සයිඩර්’’ නමැති බීම වර්ගය සහ ‘‘කිරි පොන්සා’’ නමැති බීම වර්ගයද අපනයනය කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ.
උදයජීව ඒකනායක
Comments
Post a Comment
Your comment will be visible after approval