සමඟි තරුණ නීතිඥ බලවේගයේ සාමජික නීතිඥ යොහාන් ආරියවංශ මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසරකට ඉහත දී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහරිමින් හෙළිදරව්වක් සිදු කළේය.
ඔහු පෙන්වන ලද විඩීයෝවේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවූ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලි බල කප්පාදුව හේතුවෙන් උසස් පෙළ සඳහා ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට විශාල ප්‍රශ්නයක් වන බවත්,
විදුලි කප්පාදුව එක් එක් වේලාවට සිදු කරන හෙයින් මූලික අයිතිවාසිකමක් නඩු දැමීමේ හැකියාවක්ද පවතින බවය.
අනතුරුව ආරියවංශ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.
"දැන් එතුමාම කියනවා මූලික අයිතිවාසිකම් යටතේ නඩු දාන්න ඕනෙ කියලා. දොළහ එක ව්‍යවස්ථාවේ තියෙනවා නීතිය පසිඳවලීම සහ ක්‍රියාත්මක කිරීමද රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය. වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අරහෙම කිව්වට, මෙන්න එතුමාගේ ආණ්ඩුවෙන් මෙන්න විදුලිය කපා දැමීම."
ඒ මහතා විදුලිය කප්පාදු කිරීමේ සටහන පෙන්වමින් තව දුරටත් කියා සිටියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කී ආකාරයටම එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධි කර උසස් පෙළ සිසුන්ගේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවය. හෙතෙම විමසා සිටියේ එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ එම ප්‍රකාශය දැනටත් වලංගු නොවන්නේද යන්නයි.
0 Comments