සලේ කියන පුද්ගලයා ඔය කියන තරම් දක්ෂයෙක් නම් කන්ජිපානි වගේ කෙනකුට පැනලා යන්න හැකි දැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කළේය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රශ්න කළේ බද්දට දී ඇති පරිශ්‍රය සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමිනි.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
මේ දවස්වල තරුණයන් දරුණු ලෙස අයිස් කියන මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙනවා. මේ අය පුනරුත්ථාපනය කර කර ඉඳලා විතරක් මදි. අපේ රටේ නිසි වැඩපිළිවෙළක් තියෙනවද කියලා මට ගැටලුවක් තියෙනවා ඇබ්බැහි වීම නවත්වන්න. මේවා නවත්වන්න සාර්ථක වැඩපිළිවෙළක් පේන්න නැහැ.
පසුගියදා කන්ජිපානි කියන මත්ද්‍රව්‍ය පාතාලයා පැනලා ගියා. එතකොට මේ රටේ බුද්ධි අංශ තියෙනවා. මේ ආණ්ඩුව පම්පෝරි ගහ ගහ හිටියා සලේ තමයි දැන් බුද්ධි අංශය භාරව ඉන්නේ කියලා. සලේ කියන්නේ මම හමුදාව ප්‍රතිසංස්කරණය කරන විට මම එයාව පැත්තකට දාලා තිබුණේ.
සලේ කියන පුද්ගලයා ඔය කියන තරම් දක්ෂයෙක් නම් කන්ජිපානි වගේ කෙනෙක්ට පැනලා යන්න පුළුවන් නම් අපිට තියෙනවා ගැටලුවක් මේ අය හරියට රාජකාරි කරනවද කියලා.
මේ රටේ අර්බුදයට ප්‍රධාන හේතුව දේශපාලකයන්. මේ රමණීය රට ගරා වැටුණු වලව්වක් කළේ දේශපාලකයන්. පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා. පරාලවලට ගුල්ලෝ ගහනවා. බිත්තිවලට වේයෝ ගහනවා. ඇතුළෙ කාමරවල වවුල්ලු එල්ලිලා. මේ වවුල්ලු තමයි දේශපාලකයන්. මේ ආණ්ඩුව වසන්ත මුදලිගේ කියන ළමයින්ටත් බයයි. ඒ අය හිර කරන්න පනත් හදනවා. නැවත අරගලය පණගන්වන්න. අරගලයට දේශපාලකයන් බයයි.
0 Comments