ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් පවත්වා යන මාධ්‍යවේදියකු වන සේපාල් අමරසිංහ මහතා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර ඔහු සිය නාලිකාවේ වීඩියෝවකදී ‘දළදා හාමුදුරුවන් ලබ්බක්’ කියා කියූ කරුණක් මුල් කරගෙන අද දින පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවක් ඇති විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ ගැන කියා තිබුනේ අන්‍යාගමිකයන් ඕනෑම සමාජය සිටිය හැකි නමුත් ආගමක් අදහන විශ්වාස කරන ජනතාවගේ සිත් රිදවීමට ඔවුන්ට අයිතියක් නැති බවය.ෙ
මේ අතර කුරුණෑගල ඉදිකරමින් පවතින ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ කරුණු දැකවීමකින් පසු කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
0 Comments