දළදා මාලිගාව සම්බන්ධයෙන් ‘ලබ්බක්‘ යයි අගෞරවනීය ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රකට ශ්‍රී ලාංකේය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව සිය නීතිඥවරයා මාර්ගයෙන් නිවේදනය කර තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් වෙත ලිපියක් යවමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ ප්‍රකාශය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ ලෝකය පුරා. බෞද්ධ ප්‍රජාවගේ සිත් රිදවන්නේ නම් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.
නීතීඥ දර්ශන කුරුප්පු මහතා ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දීමට කිසිදු අදහසක් නොමැති බව ප්‍රකාශ කරන ලෙස තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි.
මේ අතර අද (31) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
0 Comments