sepal-prison

දළදා මාලිගාවට අපහස කලා යැයි චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අමරසිංහව සිරගෙය තුලදී දණගස්සා හිරිහැර කල බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ පැවසිය.

සේපාල අමරසිංහ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ එබව කියා සිටියේ, සේපාල අමරසිංහට රිමාන්ඩ් භාරදී හිරිහැර සිදුකර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

 

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සේපාල අමරසිංහව දණගස්සා හිරිහැර කල බවට ලැබුන තොරතුරු සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනාධිකාරියට කල පැමිණිල්ලක් මත සිදුකල පෙරටුවකදී අදාල නිලධාරීන් හඳුනා ගෙන ඇතැයි පැවසු නාමල් රාජපක්ෂ, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනයානුකුලව කටයුතු කරන බවට බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.
 
සේපාල අමරසිංහ මේවනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රඳවා සිටින අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම අදාළ පහර දීම පිළිබඳ විමර්ශන දෙකක් ආරම්භ කර තිබේ.