පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට කෝටි 10 ක් වන්දි ගෙවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියමවූ වන්දි මුදල යූ ටියුබ් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ රංගන ශිල්පියෙකු වන සුදත්ත තිලකසිරි විසින් පාරේ බැස ජනතාවගෙන්
එකතු කරන්නට උත්සාහයක යෙදී ඇති අතර එලෙස එකතුවූ මුදල් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගන්නා ලදී.
මෙම නළුවා ඊයේ (17) කොළඹ කොටුවේ දී රුපියල් කෝටි 100ක මුදල ගෙවීමට මුදල් හිඟා කන්නට පටන් ගෙන ඇති නමුත්
ඔහු එක්දිනක දි එකතුව ලෙස ලැබී තිබුනේ රුපියල් 1,810ක් පමණි. හඑය රැගෙන විත් ඔහු හිටපු ජනාධිපතිවරයාට භාර දුන්නේය.
සිය නිල ෆේස්බුක් පිටුවේ අදහස් දක්වමින් සුදත්ත කියා සිටියේ
‘මෛත්‍රීපාල සිරිසේන අහිංසකයි, සල්ලි නැති නිසා දඩය ගෙවාගන්න බැරුවයි හිටියේ, මම අද පිටකොටුවට ගිහිල්ලා ටින් එකක් හලාගෙන කන්නලව් කළා, පස්සේ මම මෛත්‍රීපාලට දුන්නා. මම එකතු කළ මුදල් ඔහු එය පිළිගත්තා." ලෙසිනි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට තමාට මුදල් නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි එම වන්දි මුදල තම හිතවතුන්ගේ සහායෙන් එකතු කර ගෙවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කළ අතර එක් අවස්ථාවක විහිළුවට මෙන් කියා සිටියේ තමන්ට පිටකොටුවේ බෝගස ගාව ටින් එකක් අල්ලා ඒවා එකතු කරන්නට සිදුවනු ඇති බවයි.
0 Comments