ඇමරිකාවේ ටෙක්සාස්හි ආපන ශාලාවකට කඩා වැදුණ මුහුණු ආවරණය කරගත් කොල්ලකරුවෙකු එහි මේසවල සිටි පාරිභෝගිකයන් වෙත වෙනවෙනම ගොස් පිස්තෝලයක් එල්ල කර මුදල් කොල්ල කන්නට උත්සාහ ගෙන තිබෙන අතර එම අවස්ථාවේ ක්‍රියාත්මකවූ එක් පාරිභෝගිකයෙකු තමන්ගේ සාක්කුවේ රඳවාගෙන තිබුණ පිස්තෝලයක් එළියට ගෙන කොල්ලකරුට වෙඩි තබා තිබේ.
මාරන්තික ලෙස එල්ලවූ වෙඩි පහරින් තුවාල ලද කොල්ලකරු ඇද වැටුණ පසුව පෙරකී පාරිභෝගිකයා මුදල් ලබාගත් අය වෙත මුදල් නැවත ලබාදී ඇති බවද වාර්තාවේ. වෙඩි පහර එල්ල කළ පාරිභෝගියා පොලිසිය එන්නට පෙර අතුරුදන්වීමද විශේෂිතය.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්රියේදී ටෙක්සාස්හි බෙලෙයාර් බොලිවාර්ඩ් අසල අවන් හලකය.
වින්දිතයන්ගෙන් මුදල් මේසවලින් ගත් මුහුණු ආවරණිත කොල්ලකරුට මාරාන්තික ලෙස වෙඩි තබන අයුරු නිරීක්ෂණ වීඩියෝවකටද හසු විය.
සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයින් කම්පනයට පත්ව ඇති අතර පැය ගණනාවක් ආපන ශාලාව වසාදමන්නටද සිදුවීම හේතු විය.
විමර්ශකයින් සඳහන් කළේ කොල්ලකරු සතුව සැබෑ තුවක්කුවක් නොතිබූ බවත් එය ප්ලාස්ටික් පිස්තෝලයක් බවත්ය.කොකා ඇද්ද පාරිභෝගිකයාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍යවී හූස්ටන් පොලිසිය ඔහුගේ නිරීක්ෂණ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කළේය. නමුත් අතුරුදන් වීරයා අල්ලන්න උත්සාහ කිරීම විහිළුවක් යයි සමාජ මාධ්‍ය විවේචන මතුව ඇත. සීසීටීවී වීඩියෝව පහතින්
0 Comments