වසර 14කට පෙර අසනීප වූ බිරිය රෝහල්ගත කර සිටි අවස්ථාවේ බිරිදගේ 12හැවිරිදි නැගණිය ගැබිනියක කළ 36 හැවිරිදි චූදිතයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා වසර 39ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පෙරේදා (18දා) නියම කොට තිබේ. තිස්සමහාරාම පොලිස් බලප්රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකුට මෙසේ සිරදඬුවම් නියම කෙරිණි. සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙසද විනිසුරුවරයා විසින් නියම කරන ලදී. චූදිතයාගේ බිරිද 2009 වසරේ අගෝස්තු මස 01වැනිදා ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් නේවාසික ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එම අවස්ථාවේ චූදිතගේ වයස අවුරුදු දෙකහමාරක දරුවා රැකබලාගෙන ඇත්තේ බිරිදගේ 12 හැවිරිදි නැගණියයි. බිරිඳ රෝහල්ගත කළ දිනයේ චුදිත පුද්ගලයා විසින් සියා බිරිදගේ 12 හැවිරිදි නැගණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ගැබිනියක කර තිබේ. 2009.08.01 දින සිටි චූදිත විසින් අවස්ථා කිහිපයකදීම බිරිදගේ බාලවයස්කාර නැගණිය අපයෝජනයට ලක් කර තිබේ. පසුව සිද්ධිය පිළිබද තිස්සමහාරාම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර චූදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුව චූදිතට එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් 2013.02.15 දිත හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 03ක් යටතේ නඩු පවරන ලදී.
ඒ අනුව පෙරේදා (18දා) සවස නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදීම චූදිත අදාළ චෝදනාවට වරද පිළිගැනීමකට ලක් කෙරුණි. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා අදාළ සිර දඬුවම නියම කළේය. මීට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙසට චූදිතට නියම කෙරුණි. චූදිත එම වන්දි මුදල නොගෙවයි නම් වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවට රජයේ අධිනීතීඥ නිමංක ජයවික්රම මහතා පෙනී සිටියේය.
නුවන් ජයසේකර
0 Comments