යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන පුද්ගලයින් තිදෙනාම කියෙව් අගනුවර හෙලිකොප්ටර් අනතුරකින් මිය ගොස් තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි, 42, ඔහුගේ පළමු නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය ලේකම් සමඟ මිය ගියේය.
මොනස්ටිර්ස්කි මහතාගේ සහායිකාවක් වූ ටෙටිනා ෂුටික්ද අනතුරින් මිය ගියාය.එරට ප්‍රාදේශීය වේලාවෙන් උදේ 08:30ට පමණ බ්‍රෝවාරි හි හෙලිකොප්ටරය කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව බලධාරීහු පවසති.හෙලිකොප්ටරය වැටී ඇත්තේ ළදරු පාසලක භූමියකට වන අතර අවාසනාවන්ත ලෙස දරුවන් හතර දෙනෙකුද මියගොස් තිබේ.මෙය ප්‍රහාරයක් නිසා සිදුවූ වෙනත් දෙයක් බවට තවම කිසිදු හෝඩුවාවක් නොමැත.
නමුත් SBU රාජ්‍ය ආරක්ෂක සේවය පැවසුවේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මෙන්ම තාක්ෂණික දෝෂයක් ගැන සැකයක් පවතින නිසා පරීක්ෂණ සිදු කරන බවයි.
යුක්රේන ජනාධිපති සෙලන්ස්කිගේ දීර්ඝතම දේශපාලන උපදේශකයෙකු වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි, යුද්ධය ආරම්භයේ සිට රුසියානුවන්ට ඉලක්කයක් විය.
යුක්රේනයේ ජනාධිපති කාර්යාල නිවේදනයේ දැක්වෙන්නේ යුද උණුසුම් ස්ථානයකට යමින් සිටියදී මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවයි.
කඩා වැටුණ හෙලිකොප්ටරයේ හඳුනාගත හැකි වූයේ දොර පුවරුව සහ මෝටර් රථයක වහලය මත පතිත වූ එහි රොටර් එකක් පමණි. ඊට පසෙකින් තීරු ඇතිරිලිවලින් වැසී ගිය සිරුරු තුනක් විය.
අනතුරින් ළදරු පාසලේ ගොඩනැගිල්ලකටද දැඩි හානි සිදුවී ඇත. තුවාල ලැබූ 25 දෙනාගෙන් 11 දෙනෙක්ම තරුණයන්ය. රාජ්‍ය හදිසි සේවා නිලධාරීන්ට අනුව එක් දරුවෙකු තවම අතුරුදන්ව ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ ගුවන් නියමුවා අනතුරට පෙර උස් ගොඩනැගිලි මඟ හැරීමට උත්සාහ කර ඇති බවත් පහතින් පිහිටි නිසා ළදරු පාසල අසලට බැස ඇති බවයි.
0 Comments