සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වූ බව තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය (AFAD) අද (19) පවසා තිබේ.
"භූකම්පා හේතුවෙන් මේ දක්වා මියගිය සංඛ්‍යාව 40,642 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු බොහෝ පළාත්වල අවසන් වී ඇත" යනුවෙන් AFAD හි ප්‍රධානී යුනිස් සෙසාර් ද සෙනසුරාදා මාධ්‍ය වෙත පැවසීය.
"ඉරිදා රාත්‍රිය වන විට අපි සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරනු ඇතැයි අපි විශ්වාස කරමු," ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් අන්කාරා හි හි සිනෙම් කොසොග්ලු උපුටමින් අල් ජසීරා වාර්තාකර ඇත්තේ බොහෝ දිවි ගලවා ගත් අය සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පෙබරවාරි 6දා තුර්කියේ ගිනිකොනදිග සහ අසල්වැසි සිරියාවේ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර, 45,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියනයකට වැඩි පිරිසක් නිවාස අහිමි විය.
“ඉතිහාසයේ අපි මුහුණ දුන් විශාලතම ව්‍යසනය ඉදිරියේ අපි ඉන්නවා. භූමිකම්පාවලින් සහ පසු කම්පන වලින් වූ බලපෑම පළාත් 11 ට පමණක් සීමා නොවීය ”සෙසාර් පැවසීය.
මෙම භූමිකම්පාව නිසා සිරියාවේ, මරණ 5,800 කට වඩා වාර්තා වී ඇති අතර, බොහෝ දුරට ඒ සියල්ල වයඹ දිග ප්‍රදේශයේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ තුර්කිය සහ සිරියාව යන රටවල් දෙකෙහිම මිලියන 26 ක පමණ පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බවයි.
දේශසීමා දෙපස ඇති හානිය අතිමහත් වන අතර බොහෝ පීඩාවට පත් ප්‍රජාවන්හි සනීපාරක්ෂක යටිතල පහසුකම්වලට හානි වීම සහ පිරිසිදු ජලය නොමැතිකම හේතුවෙන් ආසාදන පැතිර යා හැකි බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත..
තුර්කිය පැත්තෙන් ද සෞඛ්‍ය බියක් පවතින අතර, සනීපාරක්ෂාව, ආරක්ෂිත ජලය නොමැතිකම සහ නවාතැන් වල තදබදය රෝග පැතිරීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.
0 Comments