බම්බලපිටිය ,තුංමුල්ලේ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි IVS ඉන්දියානු වීසා කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි වාර්තාවේ. මීට ආසන්න හේතුව වශයෙන් සඳහන් වන්නේ ඊයේ (14) රාත්‍රියේ ඇතුළුවූ සොරුන් පිරිසක් එම කාර්යාලයේ ලැප්ටොප් පරිගණකයක් හා සීසීටීවී පටිගත වීම් සහිත DVR යන්ත්‍ර 02 ක් සොරා ගෙන යාමේ සිද්ධියකි.
මෙම ස්ථානයේ මුදල් ඇතුළු තවත් වටිනා දේ අතුරුදන්දැයි සොයා බලමින් පවතින අතර ආයතනයේ ආරක්ෂක තත්වය යහපත් වනතුරු වැඩකටයුතු නවතා ඇතැයි වාර්තාවේ. සීසීටීවී යන්ත්‍ර දත්ත සොරාගෙන ගොස් ඇති නිසා පරීක්ෂණ වලට බාධා පවතින බවද වාර්තාවේ.
ඒ අනුව බම්බලපිටිය , තුංමුල්ලේ පිහිටි කාර්යාලයෙන් ඉන්දියානු වීසි නිකුත් කිරීම තාවකාලිකව නතරවී ඇත.
නැවත දැනුම් දෙන තුරු මධ්‍යස්ථානය වසා තබන බව පවසන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සියලුම වීසා අයදුම්කරුවන්ට නිවේදනය කරන්නේ ඔවුන්ගේ වීසා නිකුත්කිරීමට නැවත කාලසටහන් කරන බවයි.
ඕනෑම හදිසි කොන්සියුලර් හෝ වීසා කටයුතු සඳහා මහ කොමසාරිස් කාර්යාලය 0112326921 දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවද දන්වා ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 Comments