සයනයිඩ් විෂ වීම,මිනිත්තු කිහිපයකින් මරණයට හේතු විය හැකි බරපතල හදිසි අවස්ථාවකි.  ප්ලාස්ටික්, පොහොර සහ කෘමිනාශක ඇතුළු බොහෝ කාර්මික සහ ගෘහස්ථ නිෂ්පාදනවල සයනයිඩ් තිබේ.  එය ආශ්වාස කිරීමෙන් හෝ සෘජුව ශරීරගත කළ හැකි අතර කරකැවිල්ල, ව්‍යාකූලත්වය, ඔක්කාරය, වමනය, වේගවත් හුස්ම ගැනීම සහ සිහිය නැතිවීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය.  සෝඩියම් තයෝසල්ෆේට් හෝ හයිඩ්‍රොක්සොකොබලමින් වැනි ප්‍රති නාශකයක් සමඟ වහාම ප්‍රතිකාර නොකළහොත් සයනයිඩ් විෂ වීම කෝමා හා මරණයට හේතුවන්නේය.


ශ්‍රී ලංකාවේ කලක් යුද්ධයේ නියැළුණ කොටි සංවිධාන සාමාජිකයින්ගේ කරේ සයනයිඩ් කරලක් හැමවිට එල්ලා සිටි බවටත් ඔවුන් යම් අවස්ථාවක සතුරාට හසුවූවොත් තමන්ගෙ අය පාවාදීම් කරන්නට වියහැකි අවදානමෙන් මිදී සයනයිඩ් කා මියයන බවත් ප්‍රකට කරුණකි.
 සයනයිඩ් විෂවීම විෂ වීම් වල මාරාන්තික මට්ටම එනම් මරණ අනුපාතය 90% දක්වා  බව කියැවේ.ජීවිතය බේරාගන්නට හැක්කේ ඉතාසුළු ප්‍රමාණයකටය. මියනොගියොත් දිගුකාලීන බලපෑම් වලට ලක්වන අතර හයිපොක්සියා (ඔක්සිජන් නොමැතිකම) හේතුවෙන් ස්නායු ආබාධ සහ ශ්වසනය හරියාකාරව කරන්නට බැරිව අසමත්වීම නිසා ඇතිවන ආබාධ වලට ලක්වේ.
හිසරදය, කරකැවිල්ල, ව්‍යාකූලත්වය, ඔක්කාරය සහ වමනය, වේගවත් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දන වේගය, අල්ලා ගැනීම් සහ කෝමා යන රෝග ලක්ෂණ ඇතුළත් වේ.
වැරදීමකින් සයනයිඩ් විෂවීමකදී  ශරීරයේ සයනයිඩ් උදාසීන කිරීම සඳහා සෝඩියම් තයෝසල්ෆේට් හෝ හයිඩ්‍රොක්සොකොබලමින් වැනි ප්‍රතිදේහ  ප්‍රතිකාර කෙරේ.
මුල් රෝග ලක්ෂණ හිසරදය , කරකැවිල්ල , වේගවත් හෘද ස්පන්දන වේගය , හුස්ම හිරවීම සහ වමනය ඇතුළත් වේ. මෙම අදියර විලන් පසුව වලිප්පුව , මන්දගාමී හෘද ස්පන්දන වේගය ,

අඩු රුධිර පීඩනය , සිහිය නැතිවීම සහ හෘදයාබාධ ඇති විය හැක. රෝග ලක්ෂණ ඇතිවීම සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත සිදුවේ. දිවි ගලවා ගත් සමහර අයට දිගු කාලීන ස්නායු ආබාධ ඇත.

කොටි සංවිධානයේ අය සයනයිඩ් කා දිවිනසාගත්තා සේම මේ විෂ ශරීරගත කරගෙන දිවිතොරකරගත් අය රාශියකි.
1977 දී මොස්කව්හිදී, වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ සෝවියට් රාජ්‍ය තාන්ත්‍රික ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රිවි ප්‍රශ්නකිරීම් අතරතුර, පෑනක් ඉල්ලා සිටි බවත් පෑන් ක්ලිප් එකේ කිසිවෙකුඑවා තිබූ සයනයිඩ් කා සියිදිවිසනසාගත්බවත් පැවසේ.
1985 දාම ඝාතකයෙකු වන ලෙනාඩ් ලේක් අත්අඩංගුවේ සිටියදී ඔහු තම ඇඳුම්වල මැසූ සයනයිඩ් පෙති ශරීරගත කරගෙන මිය ගියේය.
2012 මයිකල් මැරින් නමැති සැකකරුවෙකු නඩු විභාගයක වරදකරු ලෙස තීන්දුවක් කියවා තත්පර කිහිපයකට පසු සයනයිඩ් පෙත්තක් ශරීරගත කරගෙන මිය ගියේය.
2015 ජොන්බී මැක්ලොර් නමැත්තෙකුද එලෙසම සයනයිඩ් ශරීරගත වීමෙන් මිය ගියේය.