Daughter-rescues-father-after-Turkey-Syria-earthquake

තුර්කි-සිරියා භූකම්පනය හේතුවෙන් කුඩා දැරියක් කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර සිටි බව වර්තා වී තිබෙනවා.
මෙම කුඩා දැරිය සිරවී සිටිය දී ඇගේ පියා ඇයව සන්සුන් කිරීමට උත්සාහ කර ඇත. ඒ අතර අනෙකුත් පිරිස්  තම දෑතින් සුන්බුන් ඉවත් කරමින් දැරිය බේරා ගැනීමට කටයුතු කළ සංවේදී දර්ශන සහිත වීඩියෝවක් සිරියාවෙන් හමුවිය.
 ගලවාගැනීමේ කණ්ඩායම් විශාල සුන් බුන් අතරින් ඇයව සිර වී සිටි වලෙන් පිටතට ඇද ගන්නා විට පියා තම දියණිය වන නූර්ට, "තාත්තා ඇවිත්, බය වෙන්න එපා" යැයි පවසා තිබෙනවා. වයිට් හෙල්මට් ලෙසින් හැඳින්වෙන සිරියානු සිවිල් ආරක්ෂක අංශයේ ස්වේච්ඡා සේවකයන් දැරියව සුන්බුන් අතරින් ප්‍රවේසමෙන් ඔසවන විට "ඇගේ තාත්තා දෙස බලන්න" යැයි ඔවුන් පවසා තිබෙයි.
ඇයව ඔසවන අවස්ථාවේදී ඇගේ දූවිලි වැසුණු මුහුණ මතු වන අයුරු ඇගේ පියා බලා සිටින අයුරු එහි දැක්වෙනවා.



ඒ වීඩියෝ පටයට අමතරව තවත් එක් විඩීයෝ පටයක එක් තරුණ පිරිමි ළමයෙකු සහ ඔහුගේ මව මුදවා ගන්නා ආකාරය දැක්වෙන දර්ශන හමුවී තිබෙනවා.
මෙහි මෙම පිරිමි ළමයා සහ ඔහුගේ මව පැය 20 කට වැඩි කාලයක් සුන්බුන් අතර සිරවී සිට තිබෙනවා. පසුව ඔවුන්ව එක රැයකින් නිදහස් කරන ගැනීමටද සමත්ව තිබෙනවා.
ගලවා ගැනීමේ මෙහෙයුම වර්ෂාව ඇද හැලෙන අවස්ථාවකදී ස්වේච්ඡා සේවකයන් විසින් සිදු කර ඇත. දූවිලි වලින් වැසී ගිය දරුවා පසුව වයඹදිග සිරියාවේ සර්මාඩා හි අනෙකුත් ගැලවුම්කරුවන් විසින් රැකබලා ගැනීම සඳහා රැගෙන ගොස් ඇත. නමුත් ඒ වන විටත් එම පවුල යුද්ධය නිසා අවතැන්ව සිටි තිබෙනවා.

තවද, ඇලෙප්පෝවට උතුරින් පිහිටි කත්මා ගම්මානයෙන් අහමඩ් නම් පිරිමි ළමයෙකුද බේරා ගැනීමට හැකිව තිබෙනවා. සුන්බුන් වලින් වැසී සිටි ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සුන්බුන් අතරින් ගෙන යන විට හඬමින් සිට තිබෙනවා. මෙම විශාල භූමිකම්පාවෙන් පසු අහමඩ් ද අවතැන් වී සිටි අතර ඔහුගේ පවුලේ නිවසද විනාශට පත් වී තිබෙනවා.



සඳුදා උදෑසන කලාපයට බලපෑ රිච්ටර් මාපක 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු තවත් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා සහන කරුවන් රාත්‍රිය පුරා දැඩි ශීතල උෂ්ණත්වයේ සේවයේ යෙදෙමින් සිට ඇත. සඳුදා පස්වරුවේ දෙවන රිච්ටර් පරිමාණයේ 7.5 ක කම්පනයක්ද ඇතිව තිබෙනවා. එය "පසු කම්පනයක් නොවන" බව නිලධාරීහු පවසා තිබෙනවා.
මේ වන විට මෙම දරුණු භූමිකම්පාවෙන් දහස් ගණනක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. තවත් බොහෝ පිරිසක් තුර්කියේ සහ සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටින බවට සැක පළ කරනවා.

මෙම වීඩියෝ පටිගත කරන ලද සිරියාවේ වයඹ දිග ප්‍රදේශය කැරලිකරුවන් විසින් ආක්‍රමණය කරතිබූ පෙදෙසකි. සිවිල් යුද්ධය හේතුවෙන් රටේ අනෙකුත් ප්‍රදේශවලින් අවතැන් වූ මිලියන හතරක පමණ ජනතාවක් එහි ජීවත් වන බව විශ්වාස කෙරෙනවා.
සිරියානු සිවිල් ආරක්ෂක අංශය ප්‍රකාශ කළේ ප්‍රදේශයේ තත්ත්වය "ව්‍යසනකාරී" බවයි. ඉඩ්ලිබ් පළාත වටා කේන්ද්‍රගත වූ භූමිය වෛද්‍ය සැපයුම් සඳහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් සැපයීම තුර්කි ආධාර මත රඳා පවතින බවද සඳහන්ව ඇත.
වයඹ දිග සිරියාවේ ගොඩනැගිලි 224ක් විනාශ වී ඇත. ආධාර ගබඩා ඇතුළු ගොඩනැගිලි 325කට හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකාවක වන ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළාය.