airport-drop-alto

අධිවේගි මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
රුසියානු ජාතික තරුණියකට කටුනායක ගුවන් තොටුපළ දක්වා ‘එයාර්පොර්ට් ඩ්‍රොප්‘ කුලී ගමනක් කැටුව Suzuki Astar වර්ගයේ රථයක ගිය රියදුරෙකු මෙම අනතුරින් තුවාල ලබා මියගොස් තිබේ.
මාතර සිට රාත්‍රියේ පැමිණි රථය කොට්ටාව පිවිසුම ආසන්නයේ වේගයෙන් පදවා යද්දී නතරකර තිබූ ලොරියක හැපී ඇත.


 ටයරයක් මාරු කිරිම සඳහා නවතා තිබූ ලොරියේ පිටුපස මෝටර් රථයක් ගැටීමෙන් රියදුරු සිටි ස්ථානය පොඩිපට්ටම්ව අනතුර සිදුව ඇත.
රියදුරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ පසුව මියගියේය. මියගොස් ඇත්තේ 32 හැවිරිදි අක්මීමණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුරින්  මෝටර් රථයේ සිටි 27 හැවිරිදි රුසියානු ජාතික තරුණියට ද තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. ඇයට විදෙස් ගමනද මෙම අනතුර නිසා අහිමිව ගොස් තිබුණි.