al-power-cut-

උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ කප්පාදුවකින් තොරව විදුලිය සපයන ලෙස විදුලිබල මණ්ඩලය රිට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.



මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය සිදුකර තිබේ.

උසස්පෙළ විභාග කාලසිමාවේ අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල මණ්ඩලය පොරොන්දුවී තිබු නමුත් විදුලි කප්පාදුව හේතුවෙන් විභාග අපේක්ෂකයන් දැඩි අපහසුතාවට පත්වන බවට ඔවුන්ගේ දෙමාපියන් පැමිණිලි කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සමේ සදහන් විය.

එහෙත් විදුලිබල මණ්ඩලය සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පැවසුවේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සදහා මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා ලෙස සිටි උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ සාමාජික මොහාන් සමරනායක යන මහත්වරු අනුමැතිය පළකර නොමැති බවයි.



ඒ අනුව පෙත්සමේ අඩංගු කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුවයි අභියාචනාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණි..
තවත් සතියක කාලයකින් උසස් පෙළ අවසන් වන අතර ඒ දක්වා කාලයේ විදුලිය කැපීම දිගටම සිදුවේ.