
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂය මඟින් සංවිධානය කරනු ලැබූ දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.
"තමුන්නාන්සේලා බැරි වෙලා රටකට යන්න වීසා ඉල්ලුවොත් දෙන්නෑ. ඇයි ආයේ එන්නෙ නැති බව දන්නවා. ගල් වෙනවා. බෝට්ටුවෙන් නම් ඕස්ට්‍රේලියාවට එන්න එපා කියලා කියන්නෙ, අපිට දැනගන්න පුළුවන් අපේ රට තියන තැන. ජාතික ශූරයෝ ගියා පොදු රාජ්‍ය මණ්ඩලයට. ම
ොකද වුණේ? දහයක් ආවේ නෑ.
ලොකේ රටවල් මේක පිළිගන්නෙ නෑ. මේක කළු රටක්. ඒ නිසා සුද්දෝ එහෙම එන්නෙ නෑ. ඔබට රටක් තෝරන්න අවස්ථාවක් ආවොත් ඔබ මොන රටද තෝරගන්නේ?
කවුරුත් තෝරගන්නවද සැම්බියාවට යන්න. ඒ වගේ රටක් මේක.
වාර්තාව අනුව කියනවා අපේ කාන්තාවන් පොදු ප්‍රවාහනකින්, කෝච්චිය හෝ දුම්රිය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 76% ක් එකවරක් හෝ ලිංගික අඩත්තේට්ටමකට ලක් වී ඇති බව.
අපේ රටේ සංචාරක කර්මානතයත් එක්ක මේ රට දියුණු කරන්න පුළුවන්. අපි සැලැස්ම හදලා තියෙන්නේ. පහුගිය සැත්තැම්බර් මාසේ 27 වෙනිදා ලංකාවේ ඉන්න ප්‍රධාන සංචාරක කර්මාන්තේ අය. මේ සියළු දෙනාට අපි ආරාධනා කළා.
මේ සංචාරක කර්මාන්තේ දියුණු කරලා අවුරුදු කිහිපයක් ඇතුළත බිලියන අටක් හදන ආර්ථිකයක් අපි නිර්මාණය කරන බව අපි පෙන්නලා දුන්නා."
Comments
Post a Comment
Your comment will be visible after approval