
ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂය මඟින් සංවිධානය කරනු ලැබූ දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.
"ජනතාව රජ්ජුරුවෝ කියලා උඩින් තිබ්බා. බුදු හාමුදුරුවන්ගෙ ඥාතීන් කියලා කිව්වා. දුටුගැමුණු රජ්ජුරුවෝ වගෙයි කිව්වා. පොළව හත් අට පාරක් ඉම්ඹා. මහින්ද රාජපක්ෂ මොකද වුණේ? ජනතාව පාරට බැහැලා පළවා හැරියා.
රනිල්? එයා කියනවා හිට්ලර් වගේලූ. හිට්ලර් තව පාරක් වෙඩි තියා ගන්නවා මේ හාදයා හිට්ලර් වගේ කිව්වා කියලා. කලිසම උස්ස උස්ස හිට්ලර් වගේ කියනවා.
ජනතාවගේ ජන මතය පාරට බැහැලා කියන්න දෙන්නෙත් නැත්තම් ඡන්ද පොළට ගිහිල්ලා කතිරයක් ගහලා කියන්න දෙන්නෙත් නැත්තම්, මොකක්ද මේ රට?
රනිල් එක්ක සුද්දෝ ගනුදෙනු කරනවා නෙමෙයි, ජනතාව විසින් දෙන ලබන ආණ්ඩු විසින් තමයි ජාත්‍යන්තරය ගනුදෙනු කරන්නේ.
මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ ඡන්ද දෙකකට කඩදාසි, තින්ත තියෙනවා. මොකටැයි නෝනා සල්ලී ඉල්ලන්නේ? නිදහස් උත්සවේට ආරාධනා පත්‍ර ගැහුවා. අපි නෝනගෙන් දැනගන්න කැමතියි ඒවා ගැහුවෙ අත්පිට මුදලටද? එයා හැටට කිට්ටුයි. එයා හිතනවා හැටෙන් ගෙදර ගිහිලා තානාපති කමකට යන්න. අපි අහනවා මේ රටේ රාජ්‍ය සේවකයෙකුට තක්කඩි දේශාපාලකයෙක් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්ද?
මේ මොණරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතියානම් ඒවා කළාට අපිට කමක් නෑ. මිනිහා කොහොමත් එහෙමනේ. මේ කවුද මේ? මුද්‍රණාලයේ අධිපතිනිය. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔයා අපිව කැඳවන්නේ ඒ පාරේ නම් ඒ පාරෙනුත් හැප්පෙන්න අපි ලෑස්තියි.
අද සාගල රත්නායක, එදා ගාමිණී සෙනරත්. ගාමිණී සෙනරත්ට තමයි විශාල චෝදනා තිබුණේ මහින්ද රාජපක්ෂගේ මනි කලෙක්‍ටර්. අද මනි කලෙක්‍ටර් සාගල රත්නායක.
පාර්ලිමේන්තුව කල් තිබබා. පාර්ලිමේන්තුවේ ඔක්කොම කාරක සභා අහෝසි වෙනවා. එකක් දෙකක් ඇරෙන්න. නැවත පාටි තියනවා පාර්ලිමේන්තුව ඇතුළේ. මෙයාට අර උඩ පුටුවේ වාඩි වෙන්න ඕන. ලෙඩක්. මෙයා ජනාධිපති ඇරියස් කවර් කරනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval