anura-kumara-speaks

ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ශය මඟින්  සංවිධානය කරනු ලැබූ දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.



"9 වෙනිදා ඡන්දෙ තියෙයිද? 9 වෙනිදා ඡන්දෙ තියෙනවා කිව්වට දෙගිඩියාවක් තියෙනවා ඡන්දෙ තියෙයිද නැද්ද කියලා. බලේ ඉන්නෙ මහින්ද රාජපක්ෂ නම්, ඊළගට බලේට එන්නෙ රනිල් වික්‍රමසිංහ. හැබැයි මේ සැරේ එහෙම නෙමෙයි. මාලිමාව ජයග්‍රහණය කරනවා.

එහෙම මේ ගොල්ලෝ බලය අත් අරින්නෙ නෑ. ලංකා ඉතිහාසයේ විශාලතම දේශපාලන හැරවුම මේ සිද්ධ වෙන්න යන්නේ. දූෂිත පවුල්වලින් පොදු ජනතාව අතට බලය මාරු වීම. ප්‍රාදේශීය වශයෙනුත් බල කඳවුරු තිබුණා. පවුල් කිහිපයක් අතේ නේ බලය තිබිලා තියෙන්නෙ. උඩ වළව් කිහිපයක් අතේ, යට තව පවුල් කිහිපයක් අතේ.  

අපේ රටේ දේෂපාලනයට සාමාන්‍ය ගමකින් සාමාන්‍ය තරුණයකුට අවස්ථාවක් තිබුණේ නෑ කවදාවක්වත්.

දැන් ඔය ඩී.වී. උපුල් ගෙ පුතෙක් ඇවිල්ල ඉන්නවා පාර්ලිමේන්තුවට ඩී.වී. චානක කියලා හම්බන්තොට. එයා එන්නෙ නාමල්ගේ ෆයිල් එක අරගෙන යන්න. නාමල්ට වැසිකිළියට යනකොට දොර අරින්න. සාමන්‍ය කෙනෙක් ආවොත් එච්චරයි."