bandarawela-train-incident

උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් විදේශීය සංචාරක කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

දුම්රිය මාර්ගය අසල සිටි සැකකරු පා පුවරුවේ මිටේ එල්ලී සිටි සංචාරක කාන්තාවට සෙරෙප්පුව විසි කර ඇති නමුත් පහරදුන් සෙරෙප්පුව වදින්නේ ඊට පසුපසින් වාඩිවී සිටි කාන්තාවකටය.එම අවස්ථාවේ තවත් විදෙස් කාන්තාවකගේ විඩියෝ පටිගතවීමට එකී පහරදීම පැහැදිලිව සටහන්කරගන්නට හැකිවී ඇත. සමාජ මාධ්‍යවල ක්ෂණිකව දර්ශනයවූ මෙම පහත්පෙළේ හැසිරීම විශාල විවේචනයකටද ලක්ව තිබුණි.
පොලිසියට මේ ගැන සොයන්නට අනතුරුව පියවර ගෙන ඇති අතර
 දර්ශන නැරඹීමෙන් පසු පොලිසිය එකී තරුණයා සොයා බ්‍රහස්පතින්දා (23) අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් 28 හැවිරිදි තරුණයා ඊයේ බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ඩී සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු බණ්ඩාරවෙල වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මෙම සිද්ධිය රූපවාහිනිය ඔස්සේ නරඹා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව පොලිසියට උපදෙස් දුන් බවයි. බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත දිසානායක මහතා යටතේ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. video below