Oldest-Turkey-earthquake-survivor-85-pulled-out-of-rubble-after-153-hours

තුර්කිය හා සිරියා මායිමේ ඇතිවූ දරුණු භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතරින් දිවි ගලවා ගත් වයස්ගතම පුද්ගලයා ලෙස 85 හැවිරිදි ඉස්මිහාන් නමැති මවක භූමිකම්පාවලින් පැය 153 කට පසු නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.



රිච්ටර් මාපකයේ 7.7 සහ 7.6 ප්‍රභල භූමිකම්පාවලින් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක් වන Hatay ප්‍රදේශයෙන් ඇය සොයා ගෙන තිබේ.

භූමිකම්පාවෙන් දින 7 කට පසු Kocaeli ගිනි නිවන දෙපාර්තමේන්තුව ඇය වෙත ළඟා වියෙ කණ්ඩායමේ දිගු උත්සාහයේ  ප්‍රතිඵලයක් ලෙස 153 වැනි පැයේදී ඉස්මිහාන් සුන්බුන් යට පණපිටින් පිටතට ඇද ගන්නා ලදී.
සුන්බුන් අතර සිරවී පැය 153 කට පසුවත්  ඇය ජීවතුන් අතර සිටීම ආශ්චර්යයක් ලෙස සලකන ලදි.මේ දක්වා භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් වයස්ගතම පුද්ගලයා ඉස්මිහාන් ය.