2018 වසරේදී තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහාවේ සිරවී දින ගණනාවකට පසුව බේරාගත් වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා අතර සිටි එම කණ්ඩායමේ නායක ඩුආන්ග්පෙට්චි ප්‍රොම්තෙප් බ්‍රිතාන්‍යයේදී මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර්ෂයර්හි බෘක් හවුස් කොලේජ් පාපන්දු ඇකඩමිය හා සම්බන්ධ වෙමින් පාපන්දු ක්‍රීඩාවේ නියැළෙමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ.
ඒ වන විට ඔහු 17 හැවිරිදි වියේ පසු වුණු අතර, මෙම මරණයට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බව වාර්තා සදහන් කරයි. එහෙත් ප්‍රොම්තෙප් සතුව සතුව කාලයක් පුරා හිසෙහි තුවාලයක් පැවැති බවත් පැවසෙයි.
2018 වසරේ ජූලි මාසයේදී මෙම පාපන්දු කණ්ඩායම තරගාවලියක් සඳහා සහභාගි වී සිටි අතරතුරදී මෙලෙස එම ගුහාව ඇතුළේ සිරවිය. ඒ වනවිට ප්රොතප්ගේ වයස අවුරුදු 13ක් විය. ඔහුත් සමග සිරවූ පිරිස අවුරුදු 11ත් 16ත් අතර වයසේ පසු වූ අතර, එම කණ්ඩායමේ පුහුණුකරුවාද ඒ අතර විය.
ජාත්‍යන්තරව ලැබුණු සහයෝගයත් සමගින්ම පුරා සති දෙකක පමණ වූ දැවැන්ත මෙහෙයුමකින් පසුව ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවිය. මෙම සිදුවීම ලොව පුරා ප්රමුඛ පුවතක් බවට පත් වු අතර, මෙම දරුවන් පිරිස ගුහාවෙන් ගලවා ගැනීමේ අවස්ථාව සාර්ථක වන තෙක් බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටියහ.
0 Comments