us-president-joe-biden-makes-unannounced-visit-to-ukraines-kyiv

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කියෙව් වෙත හදිසි සංචාරයක නිරතවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේ (2022) පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු සංවත්සරයට දින කිහිපයකට පෙර අද 20 වනදා ජෝ බයිඩන් මෙලෙස එහි යාම විශේෂිතය.
ඔහු යුක්රේන අගනුවරදී යුක්රේන ජනාධිපති සෙල්සින්කි හමුවූයේය. එම අවස්ථාවේත් යුද්ධයේ කුරිරු බව හඟවමින් ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් විශාල ප්‍රහාර කිසිවක් එම මොහොතේ සිදුවී නැත.
ජෝ බයිඩෙන් යුක්රේනයට යාම කිසිදු පූර්ව ප්‍රසිද්ධ කිරීමකින් තොරව සිදුකර ඇත්තේ ආරක්ෂාව වෙනුවෙනි. කෙසේ වෙතත් යුක්රේනගමන අතර බයිඩන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත්සහතික ලැබී ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මෙම සංචාරයේ අරමුණ යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඇමරිකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කිරීම බව ධවල මන්දිරයේ ප්‍රකාශයකින් පැවසිණි.නමුත් මෙය ලෝක යුද්ධයක තීරණාත්මක ඉදිරි  අවස්ථාවක් වනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවා තිබේ. ඔහු යුක්රේනයට යාම සෘජුවම රුසියාවට අභියෝග කළ සංකේතාත්මක චාරිකාවක් බව දන්වා තිබේ.



“වසරකට පමණ පෙර පුටින් සිය ආක්‍රමණය දියත් කළ විට ඔහු සිතුවේ යුක්රේනය දුර්වල බවත් බටහිර රටවල් දෙකඩ වී ඇති බවත් ය. එයා හිතුවා එයාට අපිව පරද්දන්න පුළුවන් කියලා. නමුත් ඔහු වැරදියි ”බයිඩෙන් පවසා තිබේ.

“මෙම සතිය අවසානයේදී, රුසියාවේ යුද යන්ත්‍රය මග හැරීමට හෝ ආපසු පිරවීමට උත්සාහ කරන ප්‍රභූන්ට සහ සමාගම්වලට එරෙහිව අපි අතිරේක සම්බාධක ප්‍රකාශයට පත් කරන්නෙමු,” බයිඩෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

බයිඩෙන්ගේ යුක්රේන සංචාරය ලෝක යුද තත්වයේ හා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වියහැකි බවට දේශපාලන විචාරකයින් අදහස් පළ කර තිබේ.


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හෙට දේශනයක් පැවැත්වීමටද නියමිතය.

“මෙහි මිනිසුන් කතා කරන්නේ නව ප්‍රහාරයක් ගැන ... රුසියාවේ සහ බෙලරුස් දේශසීමාවේ නව ගොඩනැගීමක් ගැන ය. එබැවින්, නිසැකවම එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී සහාය ලබා දීම, ආයුධ ලබාදෙන බවට ප්‍රතිඥා දීමෙන් යුක්රේනියානුවන්ට ඉදිරියට යා හැකි බව හැඟෙනු ඇත.“ එරට මාධ්‍ය විස්තර කර තිබේ.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනැක් ඇතුළු අනෙකුත් බටහිර නායකයින් ද පසුගිය වසරේ කියෙව් වෙත ගොස් ඇත.