inside-pics-of-gurugram-house-where-woman-locked-self-son-for-3-years

ඉන්දියාවේ ගුරුග්‍රාම්හි කාන්තාවක කොවිඩ් වලින් බේරීම සඳහා වසර 3ක් තිස්සේ තම පුතුව නිවසේ සිරකරගෙන තමනුත් නිවසටම වී සැඟවී වාසය කරමින් සිටියදී ඊයේ (22) බේරාගත් බව එන්ඩීටීවී වාර්තාවක සඳහන්වේ.
ගුරුග්‍රාම් හි චක්කර්පූර් හි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඔවුන්ගේ නිවසේ 33 හැවිරිදි මවත් 10 හැවිරිදි පුතුත් රැඳී සිටි අතර දුර බැහැර පෞද්ගලික සමාගමක ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ කාන්තාවගේ සැමියා වන සුජාන් මාජිට ඔවුන් වෙත පැමිණීම සිද්ධ නොවන ආකාරයට මගහැරීම් කර තිබුණි.

කොවිඩ්-19 හේතුවෙන් කාන්තාව දැඩි භීතියට පත්ව සිටි බවත් තම පුතා නිවසින් එළියට ගියහොත් මිය යනු ඇතැයි විශ්වාස කරන ලද ඇය පුතුව පාසලට හෝ නොයවා නිවසේ රඳවාගෙන සිට ඇති අතර එළියටවත් බසින්නට දී නැත. වයස 7 සිට 10 දක්වා දරුවා බාහිර ලෝකය දැක නැත.


ඔවුන් කෑම බීම ලබාගෙන ඇත්තේ බාහිරින් කරන ලද ඇණවුම් නිවසේ දොර ළඟට ගෙන්වා ගනිමිනි.
නිවසේ කැළි කසල පවා වසර 3 ක් තිස්සේ එළියට දමා නොතිබුණ අතර මුදාගැනීම පිණිස පොලිසිය පැමිණ සිදු කළ පරීක්ෂාවේදී නිවස පුරා අපිළිවෙලට විසිරී තිබුණ කසළ හමුවූ බව වාර්තාකර තිබේ.

පිරිමි ළමයාගේ සහ තමාගේ කොණ්ඩය කැපීම පවා මව සිදු කර තිබුණි.මේ කාලය පුරාම ඔවුන් දෙදෙනාම නිවස තුළට කොටු වී සිටි බවක් අසල්වාසීන්ට හෝඩුවාවක් නොවීම විශේෂිතය.

ඉංජිනේරු පියා දුර බැහැර සේවය කළ අතර පවුලේ අය සමඟ සම්බන්ධ වී සිටි එකම මාර්ගය වීඩියෝ ඇමතුම්ය. නිවසේ මාසික කුලිය ගෙවා, විදුලි බිල පියවා,සිල්ලර බඩු, එළවලු මිලදී ගෙන සලාක මලු පවා ප්‍රධාන දොරෙන් පිටත ගෙනඑන ලෙස වියදම් කර තිබුනේ ඔහුය.

නමුත් නිවසින් පිටතට මව හා පුතා යන්නේ නැති බව පියා දැන සිට නැත.  පුතාගේ පාසල් ගාස්තු තැන්පත් කර පාසල් විස්තරද අසමින් සිටි බව පැවසේ. ඒවාට බොරු උත්තරදී පාසල් යවන බවක් හඟවා ඇත. බිරිය දිගටම කොරෝනාවට බියේ සිටි බව ඔහු දැන සිට නැත.

ඔවුන් නිවාසයේ සිරවී කල්ගත කරන බව දැනගෙන ඇත්තේ ඔහු නිවසේ අයට නොකියා නිවාස ඒකකය වෙත පැමිණි අවස්ථාවේය. ඒ අවස්ථාවේ දොරගුළු වසා දමා තිබී ඇති අතර කිසිවෙකු පිටතට පැමිණ නැත. අසල්වාසීන් විමසීමේදී මෙම නිවසේ අය කලකින් දැක නැති බව පවසා ඇත.
ඒ අනුව පොලිස් මුරපොළේ යොදවා සිටි පොලිස් නිලධාරීන් වෙත ගොස් මේ ගැන පැමිණිලි කරන්නට ඉංජිනේරු පියා කටයුතු කළේය.


ඔහුගේ ඉල්ලීම පරිදි පොලිසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ ළමා සුභසාධන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් කණ්ඩායමක් අඟහරුවාදා නිවසට පැමිණ ප්‍රධාන දොර කඩා නිවසේ අය බේරාගන්නා ලදි.
ඒ අය ඇතුළුවූ අවස්ථාවේ නිවස තුළ ඇති කැළඹිලි දර්ශනවලින් පෙනෙන්නේ ඇඳුම්, හිසකෙස්, කුණු, කුණු සහ සිල්ලර බඩු ගොඩකි.
COVID-19 ආසාදනය වීමේ දැඩි බිය හේතුවෙන්, කාන්තාවක් ගුරුග්‍රාම් හි චක්කර්පූර් හි පිහිටි ඔවුන්ගේ නිවසේ තමා සහ ඇගේ බාල පුත්‍රයා වසර තුනක් තිස්සේ අගුලු දමා සිරකරගෙන සිටි බව පිළිගත්තාය.
බේරාගැනීමෙන් පසු මව-පුතා දෙදෙනා වහාම සිවිල් රෝහලට ඇතුළත් කර ඇත.