buttala-earth-quake

අද (පෙබරවාරි 22) උදෑසන බුත්තල අසල සුළු කම්පනයක් ඇති වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) පවසයි.




අද පෙරවරු 11.45 ට පමණ රිච්ටර් මාපකයේ 3.2 ක ප්‍රබල භූ කම්පනය දැනී ඇත.
පසුගිය 10 වනදා  බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 3.0ක අගයක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබූ අතර
11 වනදා තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය ප්‍රදේශයේ  රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී  සිදුවිය.
 මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම කම්පන දැනී තිබුණි.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටි චලනය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ භූ කම්පන අපේක්ෂා කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා තිබේ.