damitha-speaks

සමඟි ජන බල වේගයේ පැවැති දේශපාලන රැළියක් අමතා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

"රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කළේ මිලේච්ඡත්වය මර්දනය කරපු එක. එදා එහෙම නොකර තිබුණනම් අද මේක සෝමාලියාවක් වෙලා ඉවරයි. උන්ට හොඳයි මරන්න. මර්දනය කරපු මිනිහා මිනීමරුව කියලා ලේබල ගහන්න හදනවා. තරුණ ළමයින්ව පාරට ඇද්දේ කීප දෙනෙකුගෙ විමුක්තිය වෙනුවෙන්. සජිත් මහත්තයා එහෙම කෙනෙක් නෙමෙයි.

මාව හිරේ දාපු වෙලාවෙදි මාව බලන්න අවා හැබැයි, අන්තිම කාලේ මං ගැන වැඩිපුරම බැලුවේ සජිත් මහත්තයා. මං මැසේජ් දදා බැන්නා. බැන්නෙ මේක බාර අරගෙන ගොඩදාන්න.



පොහොට්ටුවේ හොරු එක එක සත්තුන්ගේ නම් වලිනුයි, එක එක කොප්ටර් වලිනුයි හේත්තු වෙලා ඉන්නවා අර රතු පාට කණ්ඩායමත් එක්ක.

සජිත් මහත්තයා මතක් කරාම හදිස්සියේ මතක් වෙලා තියෙනවා වෙබ් අඩවියේ තිබුණනේ පුද්ගලික දේපළ රජය සන්තක කරගන්න එකක්, අන්න ඊයේ ලොන්ච් කලා අලුතෙන්, මාලිමාවේ අලුත් වෙබ් එක කියලා. කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නෑ.

අද ඒලෙවල් කරලා විශ්ව විද්‍යාලයට යන ළමයව පාරට ඇදලා දානවා මොළේ කාලා. ඉගෙන ගන්න දරුවට ඉගෙන ගන්න ඉඩ දෙන්න. මේ වගේ කාළකන්ණි තකතීරු වැඩ කරලා බිලියන් ගණං එකවුන්ට්වල දාගෙන පෝසත් විදියට ජීවත් වෙනවා."