damitha-speaks

සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ග නමුත්, තමා කිසිදා ඡන්දය ඉල්ලන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය.



ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවාට තමා නොවැටෙන බවද ඇය කීවාය.

‘‘අරගලයෙදී මම දේශපාලන පක්ෂයකට උදව් කළේ නෑ. දැන් ජවිපෙ කියන්නේ අපි පෙර වැරැදි හදාගෙන එනවා කියලා. මම ඡන්දය දීලා නැත්තේ රාජපක්ෂවරුන්ට විතරයි. ජවිපෙ මඩ ගැහුවා කියලා මම වැටෙන්නේ නෑ. මඩ ගහන්නේ, ගල් ගහන්නේ පල ඇති රුකටනේ. තීන්දු තීරණ ගන්න මට අයිතියක් තියෙනවා’’යැයිද ඇය පැවසුවාය.

සාලිය කුමාර ගුණසේකර