ප්රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය හොරණ පැවැති ජාතික ජන බල වේගය මඟින් පවත්වනු ලැබූ දේශපාලන රැලියකට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වූවාය.
"ජාතික ජන බල වේගය මොකක්ද කළේ? ජනතාව පෙළෙන ප්රශ්න, රටට වෙන ප්රශ්න පෙන්නුවා, ඒවට හේතු සාධක පෙන්නුවා. නමුත් ඒවා ඒ කාලෙ එච්චර ගණං ගත්තේ නෑ. මේ කාලේ රටේ ස්වභාවික ව්යවසනයක්වත් වෙලා නෑ. එහෙනම ඇයි අපිට විතරක් අපහසුතාවය.
ජනතාව විසින්ම විශේෂ තීරණයක් අරගෙන ඉන්නවා අපි මාලිමාවෙන් පිට කිසිම කෙනෙකුට ඡන්දය දෙන්නෙ නෑ කියලා. තරුණ ජනතාව කියන්නේ අපි ජේ.වී.පී.
මගේ ක්ෂේත්රයේ අය කියනවා දීපානි ඔයා හරි තැන හිටියා, ඔයා හරි. කියලා
අපිට ඇත්තටම හිට්ලර් කෙනෙක් ඕනද? අද අපේ අර මහතැන අර බලෙන් ඉන්නෙ ජනධිපති කියාගෙන. එයා ඇවිල්ලා කියනවා හිට්ලර් කියලා. අනේ අම්මපා මම හිටියා නම් ඒ වෙලාවෙම ගහලා පන්නනවා. මෙච්චර කල් රට පාලනේ කරපු සිරිසේනලා, රණසිංහලා, වික්රමසිංහලා, රාජපක්ෂලා මොනවද කළේ?
ඔය කොමිස් කියන වචනය ජාතික ජන බල වේගය තුළ ඇත්තෙම නෑ. වැඩ පිළිවෙලක් නැද්ද කියලා අහනවා අපෙන්. තියෙනවා අපි ගාව වැඩ පිළිවෙලක්. අපි එනකොටම පාර හදනවා, පයිප්ප හදනවා, එහෙම දේවල් නෑ. අපිට තියෙන්නෙ පොදු වැඩ. පාළාත් පාලන ක්රමය තමයි ගමට නගරයට වැඩ කරන්න පුළුවන් ශක්තිමත්ම ආයතනය.
ජාතික ජන බල වේගයේ ප්රාණය තමයි ජනතා විමුක්ති පෙරමුණ. මට දැනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අම්මයි තාත්තයි වගේ. තුන්දෙනෙක් ඉඳලා මෙච්චර දෙයක් කරනවනම් කොහොමද දෙසිය විස්සක් හිටියොත්."
0 Comments