සිය බිරිඳගේ රැකවරණය යටතේ සිටි ඇගේ නැගණිය අපයෝජනය කළ සැමියා පෙබරවාරි 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් විරන්ජනීද සිල්වා මහත්මිය පෙරේදා (30දා) නියෝග කළාය. බියගම අයෝජන කලාපයේ කම්හලක සේවයේ නිරත 38 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මොහු සේවය නිමකර මැදියම් රැයේ නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ කාමරයක සිටි සිය බිරිදගේ නැගණිය මෙසේ අපයෝජනයට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.
දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි සිටි යුවළකගේ බිරිඳගේ නැගණිය ඇගේ මව විසින් ඉකුත් ජනවාරි මස (05දා) අදාළ නිවසට ඇරලවා ඇය හොඳින් බලා ගන්නා ලෙස පවසා පිටව ගොස් ඇති බව පොලීසිය කියයි. අපයෝජන සිද්ධියෙන් පසුදා නැගණිය විසින් අදාළ සිදුවීම පිළිබඳ ඇගේ අක්කාට පවසා පසුව ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සිය පියාටද සිදුවීම සැලකර කඳුබොඩ නිවසට ගෙන්වාගෙන පියා සමග ගොස් ගලේවෙල පොලීසියට මේ සිදුවීම පිළිබඳව පැමිණිලි කර ඇත.ඒ අනුව ගලේවෙල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ මීගහවත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දීමෙන් පසු කඳුබොඩ නිවසේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල රෝහලට යොමු කර තිබේ.
සුදත් පුබුදු කීර්ති
0 Comments