dinesh-shaster-cyanide

අභිරහස් ලෙස ඝාතනය වූ බවට සැකයක් මතු කරමින් පසුගිය දෙසැම්බර් 15 වනදා වාහනයක්තුළ ගැටගසා තිබියදී හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් රෝහල් ගතවීමෙන් පසු මරණයට පත්වූ අතර එය ආන්දෝලනයක් ඇති කළේය.
ෂාස්ටර් ඝාතනය කළ බවට සැකකළ හැකි සාක්ෂි මුලින් මාධ්‍ය ඔස්සේ වාර්තා වූවද පසුව සීසීටීවී හමු නොවීම්, වාහනය අසළින් සිට පැනගිය අයෙකු නොවීම් වැනි අසාමාන්‍ය කරුණු වාර්තා වූ අතර ඔහු සියදිවිනසාගැනුමක් සිදුකරගෙන ඇති බවට විවිධ ආරංචි ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණි. ඒවා ව්‍යාජ ආරංචි බවට පොලිසියට ප්‍රකාශ නිකුත් කරන්නටද සිදුවිය.


ඔහු සැලසුම් සහගත ලෙස ඝාතනයක් ලෙස ප්‍රදර්ශනය කළ සියදිවිනසාගැනුමක් මෙතැන සිදුව ඇතැයි එම මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.
මේ අතර සිදුවීමෙන් මාස එකහමාරකට වැඩි කාලයකට පසු අද (8) දින අධිකරණය හමුවේ සංශෝධිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත්වූ අතර  ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියගොස්  ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව පෙර කී ගෙල සිරවීමෙන් යන නිගමනය වෙනස් කරමින්
එහිදී කියා තිබේ.
අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඉදිරියේදී එළිදුටු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ  ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් කලින් කළ නිගමනය වැරදි බවත්ය. ඒ අනුව ඔහු සයනයිඩ් කා ඇති බව මරණ පඍීක්ෂකවරයාගේ වාර්තාව කරුනු හෙලි කරද්දී ඊටම ගැළපෙන ලෙස
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සයනයිඩ් වර්ගයක් ගැන  ඔහුගේ අයිෆෝනයේ දත්ත ඇසුරින් හෙළිකිරීමක් සිදු කිරීමද විශේෂිතය.
ෂාස්ටර් සතුව තිබූ අයි ෆෝන් එක්ස් එස් වර්ගයේ ජංගම දුරකථනය සහ අයි පෑඩයේ දත්ත විශ්ලේෂණය කළ බවත් එ්වායේ  තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගත් බවත් ඔවුන් සඳහන් කරන ලදි.
දිනේෂ් ෂාෆ්ටර් ගේ   අයි පෑඩයේ ඇපල් නෝට් හී තිබූ දත්තවල ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත්  KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත් ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කර කියා සිටියේ ඒවාත් ෂාස්ටර් ගැටගසන්නට පාවිච්චි කළ පටිත් සමාන බවයි. එසේම KCM සයනයිඩ් ඔහු කා දමා ඇති බවයි.


 THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනය තුළ තිබූපස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවත්  මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් එහි තිබූ බව කියන විමර්ශන නිලධාරීන් අවසන් නම් හතර ‘නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්’ (නීඩ් ටු කිල්) සමග එම සටහන යොදා තිබූ බවත් සඳහන් කර ිතබේ.
ෂාස්ටර් සමග දීර්ඝ කාලයක් මුදල් ගනුදෙනුවක් නිසා නඩුවක සිටින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක් ද එම අයි පෑඩය තුළ තිබී ඇති අතර ඒ තුළ ජොසපින් තෝමස් සහ ක්‍රිස්ටියන් තෝමස් යන දෙදෙනාගේ ද නම් තිබූ බව කියා තිබේ.
”MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK” යනුවෙන් ද එහි සඳහන්ව ඇතැයි විමර්ශන නිලධාරීන් දන්වා ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය ලොකේෂන් යවා ඇති බවත් එහි සඳහන්ව තිබී ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය ලෙසට බවත් විමර්ශන නිලධාරීන් කරුණු පැහැදිලි කරන ලදි.


මේ අතර  බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් මියගිය දිනය දක්වා සම්ප්‍රේෂණය වූ වට්ස් ඇප් පණිවිඩ තිබුණ බවත්  ෂාෆ්ටර් මහතා මියගිය දිනයේ පස්වරු 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර් මහතාට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇත්තේ ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැනත් සටහන් කරමින් බව අදිකරණයට කරුණු වාර්තා කෙරිණි.
ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බව මෙන්ම බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද අධිකරණය හමුවේ දන්වා තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාව ලිකිතව එවා තිබූ අතර ගෙළ සිරවීමෙන් යයි පූර්ව නිගමනය වෙනස් කර සයනයිඩ් ශරීරගතවී මරණය සිදුව ඇති බවට එහි සටහන්ව ඇති බව මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.