dulanjalee-jayakody-anura-kumara

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ජයකොඩිට අපහාසාත්මක ප්‍රකාශයක් රැස්වීමකදී සිදු කළ බව දක්වමින් ඇය ඇගේ නීතීඥයෙකු මාර්ගයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පවසමින් එන්තරවාසියක් යොමු කර තිබේ.





2017 වසරේ සිදු වූවා යැයි කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව දුලාංජලී ජයකොඩිට චෝදනා කිරීමට අනුර දිසානායක මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවත් එම චෝදනා සාවද්‍ය බවත් අදාල ලිපිය මගින් පැහැදිලි කර ඇත.
2017 සිද්ධියේ  ව්‍යාජ මුදල් තමාගේ නොවන බවත් ව්‍යාපාරික ගනුදෙනුවකට අදාලව මුදල් ගෙවීමක් සිදු කිරීමේ දී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත භාරදුන් බවත් 2017 මැයි මාසයේ දී මහාධිකරණයේ දී එකී පිටස්තර පුද්ගලයා වරද පිළිගත් බවත් ලිපිය මගින් පැහැදිලි කර තිබේ. එම අවස්ථාවේ තමාට රුපියල් මිලියන 2ක වන්දියක් ලැබුණ බවත් ඇයගේ ලිපියේ දැක්වේ.


 දුලාංජලී ජයකොඩිට අපහාස වන ආකාරයෙන් නොකළ වරදක් වරදක් ලෙස දක්වා ඇතැයිද එම අපහාසාත්මක කරුණු ඇතුත් කතාවේ කොටස් වීඩියෝ ආකාරයෙන් සමාජ මාධය තුළ සැරිසරන බවත් ඒ තුළින් තමන්ට අගතියක් වන බවත් ඇය පෙන්වාදී ඇත.
එන්තර වාසිය මගින් ඇයගේ නීතිඥ ෆාර්මන් ජේ කසීම්,  අනුර කුමාර දිසානායකට එම වරද නිවැරදි නොකරන්නේ නම් නීති මගට එළැඹෙන බව කියා තිබේ.