election-commision-meeting

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතා කියා සිටියේ මැතිවරණ දිනයක් නීත්‍යානුකූලව ප්‍රකාශ කර නැති බවත් මැතිවරණයක්  නැති බවත්ය.


ඔහු එම නීත්‍යානුකූලභාවයෙන් තොර ස්වරූපය ඔප්පු කරන්නට තර්ක කිහිපයක්ද සභා ගත කළ අතර අවසානයේ කියා සිටියේ එවැනි නීතියට පටහැණි දෙයකට මුදල් වෙන්කරන්නට ගියොත් රජයේ නිලධාරීන් අමාරුවේ වැටෙන බවයි.
එසේම මැතිවරණයක් පවත්වන්න සල්ලිත් නැතැයි ඒ සමග කියා සිටි ජනපතිවරයා සල්ලි තිබ්බත් මැතිවරණයක් තියන්න බැරි කොමිසම එවැන්නක් නිසි පරිදි කැඳවා නැති නිසා බව කීය.

එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශයක් කරමින් මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බවත් එසේ ප්‍රකාශයට පත් කළේ ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුකූලව බවත් පෙන්වා දුන්නේය.


අද දිනයේ හදිසි රැස්වීමක් කැඳවා ඇති කොමිසම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයත වල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන්   සාකච්ඡාවක් කරන බව පවසා තිබේ.