election-march9-issue

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බවත් මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයටපත් කරන බවත් සඳහන් කරන මැතිවරණකොමිසමේ සභාපතිවරයා මෙයට හේතුවූයේ
මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති බාධා කරන්නන් බව කියා සිටියි.




මෙම තීරණය කිසිසේත් මැතිවරණය නොපවත්වන බවක් නොවන බවත් එය ඉක්මනින් පැවැත්වීමට උත්සාහ කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වීම සහ වෙනත් හේතූන් මත 2023 මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව නැතිව ගිය බවත් මැතිවරණ පැවැත්වීම සඳහා තාර්කික විධිවිධාන ක්‍රියාත්මක කිරීමට කොමිසමට බාධා එල්ල වී ඇත්තේ රජය මුදල් නිදහස් කර නොමැති නිසා බවත් කරුනු හෙලි කෙරිණි.

සාමාන්‍යයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති රාජ්‍ය සේවකයන් සඳහා මුදල් ගෙවීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බව ඔහු පැවසීය.


එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය බවත් මේ දක්වා කොමිසම සියලුම කටයුතු කළේ නීතිරීති අනුව බවත් කිසිවෙකුට එසේ නැතැයි චෝදනා කළ නොහැකි බවත් ඔහු පැවසීය.
 නව දිනයන් තීරණය කිරීම සඳහා කොමිසම මාර්තු 3 වැනිදා රැස්වන බව පැවසීය.