election-march9

ලබන මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන බව දැක්වෙන දැන්වීම ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ. ඒ ඒ පරිපාලන දිස්ත්‍රික් 23ක තේරීම් භාර නිලධාරීවරුන් විසින් යොමු කරන ලද ඡන්ද විමසීම් දිනය ඇතුළත් ගැසට් නිවේදන වෙන වෙනම නිකුත්ව ඇත.


 ගැසට් නිවේදනයට අනුව මාර්තු 09 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
පළාත් පාලන ආයතන 339කට අදාළව අපේක්ෂකයන් 80720 දෙනෙක් මෙවර ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසන අතර පිළිගත් දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් ඊට එක්වේ.

මැතිවරණය අත්හරින බවට හා කල් තැබෙන බවට පැවති සැකසංකා මෙම ගැසට් නිවේදනය අනුව පහව ගොස් ඇත.