embilipitiya-murder

පසුගිය සෙනසුරාදා (04) උදෑසන ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේදී කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණ පණිවිඩයක් මත ඇඹිලිපිටිය පොලිසිය ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.


මියගිය අය වයස අවුරුදු 58 ක් වන වීරියගම, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඇයගේ දියණිය මීට පෙරදින (03) සූරියවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් තම මව පැහැරගෙන ගොස් ඇති බවට සඳහන් කර තිබූ බවත් පොලිසිය පවසා තිබූ අතර
මෙම මරණය හා සම්බන්ධිත වෙනත් කාරණාවක්ද පොලිසියට සැලවී තිබුණි.
මියගිය අයගේ පුතා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත්, එහි හිමිකරුගේ බිරිඳ සමඟ ඔහු අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බවත් වාර්තා විය.
අනතුරුව මැගේ පුතු හා හෝටල් හිමිකරුගේ බිරිය පළා ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු හැමතැනම ගොස් ඇති බවත් පසුව ඔවුන් පැමිණ පලිගන්නා අදහසින් මියගිය මව මෝටර් රථයකින්
 පැහැරගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. මවගේ දියණිය පොලිසියට පැමිණිලි කර තිබුනේ එම සිදුවීමය.


එසේ පැහැරගත් මව මරාදමා ඇගේ සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද මාර්ගයේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය.


ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු  අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය අද (7) පැවසීය.අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතරවාරයේ නීතීඥයකු සමඟ පෙරේදා රාත්‍රියේ සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාරවී ඇත.


මෙසේ ඝාතනය කර තිබුණේ සූරියවැව වීරියගම වටරවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් 58 හැවිරිදි කාන්තාවකි.මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය තංගල්ල රෝහලේදී සිදු විය.
ඇඹිලිපිටිය හා සූරියවැව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.