five-suspects-including-girl-aged-10-arrested-over-racially-aggravated-attack-outside-surrey-college

එංගලන්තයේ  සරේ ප්‍රාන්තයේ ඇෂ්ෆර්ඩ් හි තෝමස් නයිවෙට් විද්‍යාලයෙන් පිටතදී කළු ජාතික පාසල් සිසුවියකට පහර දීමේ සිදුවීමක් වාර්තාවේ. පයින් ගසා ඇගේ හිසේ කෙස් වලින් ඇද ඇයට පහර දෙන අයුරු අන්තර්ජාලය හරහා මේ දිනවල සංසරණය වන දර්ශනවල දක්නට ලැබෙයි.
සඳුදා (6) දින සිදුවූ මෙම ප්‍රහාරය  "දරුණු වාර්ගික" ප්‍රහාරයක් ලෙස පොලිසිය පවසා තිබෙනවා. මෙම පහර දීමෙන් පසු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අන්තර්ජාලයේ සංසරණය වන අවසනාවන්ත දර්ශනවල "ඇගේ මුහුණට පයින් ගසන්න" යනුවෙන් කෑගසන අයුරුද නරඹන්නන් ඇසෙන හඬ දැක බලා ගත හැකිය.


සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි කාන්තාවක් සහ 43 හැවිරිදි පුද්ගලයෙකු ද, වයස අවුරුදු 16, 11 සහ 10 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇෂ්ෆර්ඩ් හි තෝමස් නයිවෙට් විද්‍යාලයේ මෙම සිද්ධියට සම්බන්ධ යැයි විශ්වාස කරන හයවන සැකකරු වන 15 හැවිරිදි දැරියක් සමඟ පොලිසියට රැගෙන කටඋත්තරයක් ගැනීමට අවශ්‍යව තිබෙන බවද සඳහන් වනවා.

සිදුවූ සිද්ධියට ප්‍රතිචාර වශයෙන්, දහස් ගණනක් පිරිස Change.org වෙබ් අඩවියේ පෙත්සමකට අත්සන් කර තිබෙනවා. ඒ සමඟම මේ සිද්ධිය සම්බන්ධව පාසලේ පැවති විරෝධතාවයකට බොහෝ දෙනෙක් සහභාගී වී ඇතිබව වාර්තා වනවා. වීඩියෝ පටයේ වින්දිතයාගේ ඥාති සොහොයුරියක් වන ඇන්ජ් එලියට් මාධ්‍ය වෙත පැවසා තිබුනේ ඇය නෝර්ත්හැම්ප්ටන් සිට පාසලට පැමිණ එම විරෝධතාවයට සම්බන්ධ වන බවයි.
ඇය තම ඥාති සොහොයුරියට කතා කළ බවත්, එම පහර කෑමෙන් පසු ආහාර ගැනීමත්, කතා බහ කිරීමටත් ඇයට නොහැකි බව ඇය පවසා තිබෙනවා.


"උන් කොන්ඩේ ගෙතුම් නවයක් කඩා ගත්තා. ඇයගේ ඔළුව දිහා බලන කොට, ගෙතුම් පිටතට පැමිණ හානි වුණු සළකුණු පෙනෙන්නට තියෙනවා" ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඇය ප්‍රධාන ගුරුවරයා ද විවේචනය කර තිබෙනවා. මෙම සිද්ධිය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බව ඇය පවසා තිබෙනවා.

52 හැවිරිදි ග්ලින්ඩෝරා නම් එම ගුරුවරයාහට විද්‍යාලයේ 11 ශ්‍රේණියේ පුත්‍රයෙකු සිටින බව ඇය පවසා තිබෙනවා. එසේ පහර කෑමට ලක් වූ කළු දරිවියට සිදු වූ දෙයට විරෝධය දැක්වීමට ඇය සහභාගී වූ බව ඇය වැඩි දුරටත් පවසා තිබෙනවා. පැවැති විරෝධතාවයට පාසලේ විදුහල්පතිවරයා සහභාගී නොවීය. නමුත් පාසල වෙනුවෙන් හොවර්ඩ් පාර්ටනෂිප් ට්‍ර්ස්ට් හි විධායක විදුහල්පති පිලිප් වීට්ලි මහතා මේ සඳහා සහභාගී වී ඇත.