gabriel new zealand

නවසීලන්තයේ 'Gabriel' සුළි කුණාටුවෙන් ඇතිව තිබෙන දරුණු බලපෑම නිසා  ගංවතුර සහ නාය යෑම් මධ්‍යයේ,
ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ‘ගේබ්‍රියෙල්’ සුළි කුණාටුව නවසීලන්තයේ නෝර්ත්ලන්ඩ්, ඕක්ලන්ඩ්, තයිරාවිටි, බේ ඔෆ් ප්ලෙන්ටි, වයිකාටෝ සහ හෝක්ස් යන ප්‍රදේශ හයක හදිසි තත්වයක් ඒවනවිටත් ක්‍රියාත්මකව තිබූ අතර එය දැන් ජාතික මට්ටමින් පනවා ඇත.
 නවසීලන්තය අඟහරුවාදා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම විහේෂයක් වන්නේ ඉතිහාසයේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ තුන්වන අවස්ථාව වීම නිසාය.

හදිසි කළමනාකරණ අමාත්‍ය Kieran McAnulty දේශීය වේලාවෙන් උදෑසන 8.43 ට මෙම ප්‍රකාශයට
අත්සන් තැබීය.

ඔහු ප්‍රකාශය අත්සන් කිරීමට පෙර හදිසි කළමනාකරණය ගැන අගමැති ක්‍රිස් හිප්කින්ස්
සහ විපක්ෂ ප්‍රකාශකයාගෙන් උපදෙස් ලබා ගත්තේය. නායක දෙපළගේ කැමැත්තෙන් පසුව එයට ලැබී ඇත.

ගේබ්‍රියෙල් සුළි කුණාටුව පිළිබඳ සිය නිල ප්‍රකාශයේ නවසීලන්ත රජය පැවසුවේ, "මෙය උතුරු දිවයිනේ
බොහෝ ප්‍රදේශවලට විශාල බලපෑමක් ඇති කරන පෙර නොවූ විරූ කාලගුණ සිදුවීමකි. මෙම සුළි කුණාටුවෙන්
රට එහි නරකම තත්ත්වය අත්විඳිමින් සිටී. මාර්ග සහ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇත. ." යනුවෙනි.

නවසීලන්ත ආරක්ෂක බලකාය ජලය වැඩිවූ නිවාස හිමියන්ට වහලය මතට යාමට බල කළ අතර ඇතැම් ප්‍රදේශවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට උත්සාහ කළහ.
දස දහස් ගණනක පදිංචිකරුවන් සඳහා විදුලිය විසන්ධි වී ඇති අතර, සමහර ප්‍රදේශවල  සේවා සම්බන්ධීකරණය ඇණහිට සන්නිවේදන දුර්වලතා පැනනැගී ඇත. අතරමං වූ පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම දුෂ්කර කර ඇත.
 තද සුළං හේතුවෙන් අඟහරුවාදා ඉතිරි කාලය සඳහා නවසීලන්ත ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කළේය.
නවසීලන්ත මෙට් සර්විස් විසින් නිකුත් කරන ලද ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන රතු අනතුරු ඇඟවීම් දැනට නිකුත් කර ඇත.