gammanpila-speaks

පසුගිය දින මැතිවරණයට සමඟාමී ව පැවැත්වූ දේශපාලන සභාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලත් එක්ක නිදහස සමරනවා අපි දැක්කා. රාජපක්ෂලාටනම් මරණ බියෙන් නිදහස්වීම සමරන්න පුළුවන්. මේ ආණ්ඩුවට බලය දීලා වසර දෙකක් යනකොට මෙන්න බොලේ අපි එළවපු මනුස්සයා පස්ස  දොරෙන් ඇවිල්ල අගමැති පුටුවේ වාඩි වෙලා, එහෙ හැරිලා මෙහෙ හැරෙන කොට ජනාධිපති පුටුවෙත් වාඩිවෙලා ඉවරයි. දැන් නතර කරපු තැනෙන් රට විනාශ කිරීම ආරම්භ කරලා තියෙනවා.



බෙදුම් වාදය භයානකයි. බලෙන් ගත්තා බලෙන් ආපහු ගත්තා. අපි පෑනෙන් ලියලා දුන්නොත් උතුර දෙමළ බෙදුම්වාදීන් අතට, ඒක යලි කවදාවත් ගන්න බෑ. 154 ආ වගන්තියේ 13 වෙනි සංශෝධනයෙන් ගෙනාපු, උතුරයි නැඟෙනහිරයි ඒකා බද්ධ කරලා ඊලාම් සිතියම සම්පූර්ණ කරන්න පොරොන්දු වෙලා තියෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වේ ඒක කරපු විදිය වැරදියි ඒක නිසා ඒක නීත්‍යානුකූල නෑ කියලා විතරයි. හැබැයි ඒ වගන්තිය ඒ ව්‍යවස්ථාව එහෙම්මම තියෙනවා.

වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති පුටුවෙ වාඩිවෙලා හා හා පුරා කියලා පාර්ලිමේන්තුව අමතද්දී මොකකද කිව්වෙ, 'අපි මේ මොහොතේ සියළු බේද අමතක කරලා වටු රෑන, වටු දැල ඉහළට පියාසර කළා සේ සමඟිව කටයුතු කළ යුතුයි' කියලා. එහෙම කිව්ව රනිල් දැන් ගේනවා 13. 13 තරම් මේ සමාජෙ දෙකට බෙදන මාතෘකාවක් නෑ.

මේ ආර්ථීක අර්බූදය හදන්න ජ.වි.පෙත් දායකත්වය දැක්වූවා. ස.ජ.බෙත් දායකත්වය දැක්වූවා.

ජ.වි.පෙයි, ස.ජ.බෙයි හදපු ආණ්ඩුව තමයි ලෝක මූල්‍ය වෙලඳපොළට ගිහිල්ලා ගිණි පොළියට ඩොලර් බිලියන 12 ක් ණයට ගත්තේ. ණය ගෙවලා තියෙන්නෙ ඩොලර් බිලියන 2යි.

හැමෝම කියනවා ජ.වි.පෙටත් දීලා බලමු නේ. එයාලා බැණ බැණ ඉන්නවට වඩා වැඩි දෙයක් කරන්න දන්නෙ නෑ. ජ.වි.පෙට ආණ්ඩුවක් තබා නගර සභාවක් වත් කරලා අත්දැකීමක් තියෙනවද? අඩුම ගාණේ විපක්ෂ නායකයෙක් විදිහට සම්මාදම් වෙලා තියෙනවද? අනුර කුමාරට වඩා පාලනය පිළිබඳ අත්දැකීමේ මෙ සමන්ත සිල්වා මැති තුමාට තියෙනවා.

අර ලයිසන් එක තියෙන අත්දැකීම් තියෙන රියැදුරාට එළවගන්න බැරි වාහනේ ජීවිතේට එළවලා නැති පොඩි එකාට දෙනවද මේ අර්බුදය මැද? අපි මේ ආණ්ඩුවත් එක්ක හැප්පුනේ ඇමතිකම අවධානමට දාලා. අපි ජනතාවගේ පැත්තේ හිටගෙන අපිම හදපු අපේ ආණ්ඩුවත් එක්ක සටන් කළා. ලෝක ඉතිහාසයේ ප්‍රතම වතාවට අපි තමයි අපේ ඇමති මණ්ඩලේට විරුද්ධව උසාවි ගියේ. "