gammanpila-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිදහස් ජනතා සන්ධානය මඟින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මෙසේ පැවසීය.

"රජයේ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ අය අමාත්‍යවරයාගේ නියෝග මත කටයුතු කරන්න බැදිලා ඉන්නවා. මැතිවරණය කල් දැමීම සඳහා අපි වගකීම පවරන්න ඕනේ ඒ තීන්දු ගත්ත ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයින්ට මිසක් බෙල්ලෙන් අල්ල ගන්න ලෙසී රජයේ නිලධාරීන්ට නෙමෙයි.

ජනාධිපතිවරයා තම ධූර කාලයේ වසර 4ක් සම්පූර්ණ කලාට පස්සේ නැවත ජන වරම ක් ඉල්ලීමට ප්‍රකාශයක් කරන්න පුළුවන්. න

ොවැම්බර් 18 වන විට වර්තමාන ජනාධිපති තුමාගේ ධූර කාලය වසර 4 සම්පූර්ණ වන බව ඇත්තයි. ඊ අනු වගන්තියේ තියෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මේ හිමිකම නැහැයි කියලා.  

පසුගිය දෙවසර තුළ ඉන්දියාව පමණක් ලංකාවට ණයට දීලා තියෙවනවා ඩොලර් මිලියන 4000ක්. ආණ්ඩුව පසුගිය දෙසැම්බරයේ විතරක් එක දවසකට බිලියන 7 ගාණේ අච්චු ගහලා තියෙනවා. මැතිවරණය කල් දාන්න සෑබෑ හේතුව සල්ලි නැති එක නෙමෙයි, ඡන්ද නැති එක. සමීක්ෂණ අනුව ආණ්ඩුවේ ඡන්ද 10% දක්වා පහත වැටිලා තියෙනවා.  

මේ වන විට විශාල රජයේ නිලධාරීන් සංඛ්‍යාවක් විවිධ පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන. මේ අය තීරණය කළේ පළාත් පාලන පනත අනුව නාම යෝජනා දිනයේ සිට සති 7ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුයි කියලා නීතියක් තියෙන නිසා. ආණ්ඩුව මැතිවරණය කල් තැබීම හරහා ජනතාව දැවැන්ත අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මැතිවරණය කල් දැමීම කියන ආණ්ඩුවේ තීන්දුවෙන් අගතියට පත් වෙච්ච රජයේ නිළධාරීන්ට වැටුප් ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි."