gmoa-tax

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.



  "මේ බදු ප්‍රතිපත්තිය හරහා ඍජු බදු වැඩි කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් වක්‍ර බදු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ නංවලා තියෙනවා. බදු ගෙවන්න අපි සූදානම්. පාලකයින් විසින් බංකොළොත් කර රටක් ගොඬනැගීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට අපි සූදානම්. හැබැයි බදු සංශෝධනය සාධාරණ වෙන්න ඕන.


මේ වගේ මාධ්‍ය සංදර්ශන කරන්නේ නැතුව, ඇත්ත සාකච්ඡාවකට එන්න ආණ්ඩුව. එහෙම නැත්ත්ම මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වලට අපි යනවා.

මේ රටේ අපනයන කරුවන්ගෙ 30% කට බදු ගහලා, අනික් පැත්තෙන් ගන්න ගිණි පෙට්ටියෙ සබන් කැටේ ඉඳළා ගහන බඳු ප්‍රමාණය 30% කින් 40%කින් වැඩි කරලා. ජීවන වියදම 70% , 80% දක්වා ඉහළ ගිහිල්ලා. මේ බඳු ගහලා ආර්ථීකේ ගොඩගන්න පුළුවන් කියල හිතනව නම් ඒක මහා හිතළුවක්.  අපි කියනවා රටට බඳු ගහන්න ඕනේ.


බඳු ප්‍රතිපත්තියේ සංශෝධය හරහා ව්‍යාපාරික ක්ෂේස්ත්‍රයට කිසිදු ඉලක්ක කිරීමක් සිද්ධ කරලා නැහැ. මේක පැහැදිලිවම ඉලක්ක වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට.

අපි ආණ්ඩුවෙන් මහ බැංකු අධිපතිවරයගෙන් ප්‍රශ්ණ කරනවා වෙනස් කරන්න බෑ කියපු බඳු ප්‍රතිපත්ති, දේශීය ආදායම් පනතෙ සංශෝධන වෙනස් වෙනවා. මේ කරන්නේ තමන්ගේ හෙංචයියන්, අනුගාමිකයින් වෙනුවෙන් විතරයි ඔවුන් කරන්නේ."