gotabaya-money

 කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් හිටපු ජනපතිවරයා රුපියල් ලක්ෂ 175 කට ආසන්න මුදලක් ආපසු ලබාදෙන ලෙස කළ ඉල්ලීම අද (8) ප්‍රතික්ෂේප කළේය.



2022 වසරේ පැවති ජනතා විරෝධතාවයක් අතරතුර ජනාධිපති නිල නිවසේ තිබී සොයාගත් රුපියල් මිලියන 17.5 ක මුදල් වලින් කොටසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ඉල්ලා ඇති බව වාර්තාවන අතර ඔහුගේ නීතීඥයින් ඒ ගැන කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්සේප කර තිබේ.



පසුගිය වසරේ ජුලි මාසයේ පැවති මහජන උද්ඝෝෂණවලදී රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විසින් සොයාගත් මුදල් තම සේවාදායකයාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තියා ඇත්තේ නියෝගයක් නිකුත් කිරීමට පෙර එම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අධිකරණයේ වගකීමක් බවයි.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ අල්ලස් පනත යටතේ එම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද හැකියාව ඇති බවත්, එබැවින් එය නිදහස් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.