gotabaya-myanmar-tour

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බිරිය  පසුගිය සතියේ චීන සංචාරයක නියැළුණ බවට මාධ්‍ය වාර්තා පළ වුවද දැන් ආරංචි වන්නේ ඔහු ගොස් ඇත්තේ චීනයට නොව මියන්මාරයට බවයි.



 දින දහයක කාලයක් සඳහා සංචාරක වීසා මත ඔහු චිනයට ගොස් ඇති අතර එය හුදෙක් එරට වන්දනා ස්ථාන නැරඹීමේ උවමනාවන් මත සිද්ධවූ පුද්ගලික සංචාරයකි. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඔස්සේ සිදුකරන පිළිගැනීමක් සිද්ධ නොවන බවද වාර්තාවේ.


පසුගිය 16 දා  මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා ගමන් කළඑම්එච් 178 යානයෙන් පිටත්ව ගිය
ගෝඨාභය හා බිරිඳ ආයෝමා රාජපක්ෂ එතැනින් මියන්මාරය වෙත ගමන් කර ඇත. එහි දින 10 ක් ගත කර බෞද්ධ වන්දනා ස්ථාන වැඳ පුදාගෙන ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක ප්‍රියන්ත බණ්ඩාරගේ සහෝදරයෙක් වන අතර මෙම සංචාරය සම්බන්ධිකරණය කර ඇත්තේ ඔවුන් බවද පැවසේ.
පෞද්ගලික ලේකම් සුගිෂ්වර බණ්ඩාරද ඊට එක් වූ අතර ඔවුන් ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සඳහා භාවිත කළේ ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ පර්යන්තයය.


 ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් හිටපු ජනාධිපතිවරයා ගත්තේ නැත. සාමාන්‍ය ගුවන් මගී පර්යන්තයද භාවිත කළේ නැත. ඊට හේතු වන්නට ඇත්තේ සාමාන්‍ය මගීන්​ගේ අවධානයට ලක් නොවී ගුවන් යානය දක්වා ගමන් කිරීම ය.
ජනපති ධූරය අතහැර පළාගිය ගෝඨාභය සහ බිරිය මින් ඉහත මාලදිවයින, සිංගප්පූරුව, තායිලන්තය, ඩුබායි යන රටවල කෙටි සංචාර සිදු කළ අතර අලුත්ම තෝරාගැනීම මියන්මාරයයි.