
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකුත් ගෙන දැවැන්ත සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම වුවමනාවක් තිබුණේ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වේලාවේ තව කීප දෙනෙක් අරන් එන්න වුවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා, යැයි තමාට පැවැසූ බව ද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනක දී පැවැසූ බව කී හරීන් ප්‍රනාන්දු මහතා සමහර මිනිසුන්ගේ උන්මාදය වැඩිවී ඇඳුනුත් මසා තිබෙන බව කීය.
බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ බව දේශපාලන වශයෙන් පක්ෂ හදපු, නායකයන් හදපු කෙනෙක් හැටියට මට හරි පැත්ත මොකද්ද කියා දැන් තීරණයක් ගන්න සිදු වී තිබෙනවා. එදා ගෝඨාභයට විරුද්ධව රජය වෙනුවෙන් මම තනියම වැඩ කොටසක් කරට අරගෙන කළා. මට වුවමනා වුණේ එදා මගේ නායකයා සජිත් ප්‍රධාන තැනකට ගෙන ඒමයි. නායකයෙක් කියන්නේ අභියෝගයක් ගන්න පුළුවන් මිනිහෙකුට. සජිත් අභියෝගය ගන්න බයයි.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval