haritha-aluthge-speaks

ඊයේ දින පැවැති වෘත්තිය සමිති රැළියට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අපි ලෑස්ති නෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය විදිහටත් මේ රටේ වෘත්තීයවේදීන් විදිහටත් පරදින සටන්වලට නායකත්වය දෙන්න. අද අපිට ෆේස් බුක් ලයිව් එකක් දීගන්න බැරි වෙලා තියෙනවා. ලැජ්ජා නැද්ද වෘත්තිකයන්ට වැටකඬුළු දාන ආණ්ඩුවක්ද අපි අපේක්ෂා කරන්නෙ මේ රටේ. ඒ නිසා දෙවැනි සංඥාව කොච්චර දරුණු වෙන්න ඕනද කියලා අද දවසේ දුන්න පණිවිඩය දැන්වත් තෙරුම් ගන්න.

අපි කිව්වා මේක අසාධාරණ බදු ප්‍රතිපත්තියක් කියලා.

සාධාරණයේ මූලධර්ම අමු අමුවේ උල්ලංඝණය කළ බදු ප්‍රතිපත්තියක්. අවම සීමාව සාධාරණ නෑ, අනුපාතයන් සාධාරණ නෑ. ඒ නිසා මේක අසාධාරණ බදු ප්‍රතිපත්තියක්. අත්තනෝමතික බදු ප්‍රතිපත්තියක්. එක පැත්තකින් කවුද කියල්ල දන්නෙ නැති බදු ප්‍රතිපත්තියක්.
මේක අවජාතක බදු ප්‍රතිපත්තියක්. අම්මා කෙනෙක් නෑ තාත්තා කෙනෙක් නෑ. විපක්ෂේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගිය පාලකයිනේ දැන් රට කරවන්නේ. ඒ පාලකයෝ කිව්වා පාර්ලිමේන්තුවට කියලා තමයිලු හැමදේම කරන්නෙ කියලා. අඩුම ගානේ IMF එකට ගියානම් සාකච්ඡා සටහනක්වත් අද වෙනකොට ඉදිරිපත් කරලා නෑ. එදා කියපු ප්‍රජාත්‍රන්තවාදය කෝ.

දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල මේ සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් යනවා. මේක අනීතික බදු ප්‍රතිපත්තියක්. මේක යථාර්ථවාදී නොවන බදු ප්‍රතිපත්තියක්. මේක ලෝකේ රවට්ටන බදු ප්‍රතිපත්තියක්. IMF එකටත් බොරුව කරන බදු ප්‍රතිපත්තියක් මේ බදු ප්‍රතිපත්තිය.

වෘත්තිකයන්ව බිත්තියට හේත්තු කරලා බෙල්ල මිරිකලා ඒ අයගේ ගන්න පුළුවන් උපරිමය ගන්නකොට තමන්ගේ හෙංචයියන්ට වංගු දාන්න හදලා තියෙන බදු ප්‍රතිපත්තියක්.

වැටුප සහ ලාභය එකක් කියලා ගන්නේ.  මේ බදු ප්‍රතිපත්තියේ තමයි ලෝකේ පලමු වතාවට මේ දෙක දෙකක් කියලා ගන්නේ. අවසානයේ වක්‍ර බදුත් වැඩිපුර එකතු වෙලා තියෙනවා. අපි විකල්ප යෝජනා 8ක් ඉදිරිපත් කළා. රජය ඊට ලෑස්ති නැත්තම් අපි වෘතිකයෝ විදිහට ඉඩ දීලා බලන්න ලෑස්ති නෑ. ආණ්ඩුවේ බදු පිළිබඳව මාධ්‍ය ප්‍රකාශක වෙලා ඉන්නෙ කවුද? පිරිමි මිසී. ලැජ්ජ නැද්ද ජනාධිපතිතුමෝ.

දැවැන්තම මහාම වැඩ වර්ජනය තමයි 1980 වැඩ වර්ජනය. අපි කියනවා 1980 වැඩ වර්ජනයට එහා ගිය වැඩ වර්ජනයකට පෙරමන් තමයි මේ අරඹන්නේ."