hold-the-rise-of-homelessness-among-ukrainian-refugees-in-the-uk

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම සරණාගත අර්බුදය තුළ මිලියන හයකට අධික ජනතාවක් යුක්රේනයෙන් පළා ගොස් ඇත. තවත් මිලියන හයක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.

යුක්රේන සරණාගතයින් පිළිගැනීමට පියවර හඳුන්වා දුන් අනෙකුත් යුරෝපීය රටවල් මෙන්, බ්‍රිතාන්‍ය රජය වීසා මත පදනම් වූ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කළේය: යුක්‍රේනය සඳහා නිවාස, පවුල් යෝජනා ක්‍රමය සහ ව්‍යාප්ති යෝජනා ක්‍රමය ඒ තුනයි.



මෙම යෝජනා ක්‍රම මඟින් සරණාගතයින්ට වසර තුනක් දක්වා රට තුළ රැඳී සිටීමට සහ පාසල්, සෞඛ්‍ය සේවා, සමාජ සුබසාධන ප්‍රතිලාභ සහ වැඩ කිරීමේ අයිතිය සඳහා ප්‍රවේශය හඳුන්වාදී තිබුණි.

කෙසේ නමුත් කල්යත්ම මෙම පොරොන්දු ඉටුකිරීමට බ්‍රිතාන්‍යය අපොහොසත්ව ඇති අතර නිවාස ප්‍රශ්නය උග්‍රව මතුවී ඇත.
බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු අල් ජසීරා පුවත් වෙත ප්‍රකාශ කර ඇත්තේ යුක්රේන සරණාගතයින් 112,000ක් එක්සත් රාජධානියට සාදරයෙන් පිළිගෙන ඇති බවත් සියල්ලන්ට පළමු දිනයේ සිටම වැඩ කිරීමට හෝ ඉගෙනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන ලෙස පහසුකම් සලසා ඇති බවයි.



එහෙත් යුක්රේනයේ  සරණාගතයින් පිළිගැනීමේ ක්‍රමය වසරකට පසුව, කනස්සල්ලට පත්වන ප්‍රවණතාවක් දැන් මතුවෙමින් ඇත්තේ නිවාස නොමැතිකම වැඩි වීම නිසාය.

එක්සත් රාජධානියේ ජීවන වියදම් අර්බුදය සහ දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම, සරණාගතයින්ට අනුග්‍රාහකත්වයෙන් තම නිවෙස් කරා යාමට ඇති හැකියාව කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.

රට තුළ ණය ඉතිහාසයක් නොමැතිකම, චතුර ලෙස ඉංග්‍රීසි කතා නොකිරීම සහ රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කරතා මෙම ගැටලුව තවත් උග්‍ර කර ඇත.