මේ දිනවල තිරගතවන ඉඟිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වන ප්‍රවීන රංගනවේදී කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය පුවත්පත් සම්මුක සාක්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා තිබේ.
• ඉඟිල්ලෙන මාළුවෝ ෆිල්ම් එක වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වෙන්නෙ? මේ වගේ නිර්මාණවල රඟපාන්න ඔබ අභියෝග බාර ගන්න කෙනෙක්? ඔබ ඒ ගැන හිතන්නෙ මොන විදියටද?
ඒවා අභියෝග කියලා මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ ඒවා රඟපෑම් කියලයි.
රංගන ශිල්පිනියක වුණාට පස්සෙ අපි හොඳ චරිතනෙ රඟපාන්න කැමති. හොඳ චර්ත කියලා කියන්නෙ රටේ සමාජ ආර්ථික දේශපාලන කතිකාව පිළිබඳ යම්කිසි කතාවක් කෙරෙන නිර්මාණවල රඟපාන්න තමයි මම කැමති. එතකොට ඒවායේදී මම රඟපානවා. ඒ නිසා අභියෝග කියලා මම හිතන්නෙ නෑ.
• ඉඟිල්ලෙන මාළුවෝ ඔබගෙ චරිතය ඒ ඔබ කියන විදියට රඟපාන්න තිබූ චරිතයක්ද?
මේකෙ පිටපත බලලා ඒකට කැමති වුණා. සංජීව එක්කත් කතා කළා. මෙම චිත්‍රපටයේ කතා කරන්නෙ එක්තරා කාලයක් ගැන. ඒත් ඒ කතාව එක් කාලයකට පමණක් සීමා වූ එකක්, එක් සමයකට පමණක් සීමා වූ කතාවක් නෙවෙයි. මේ රටේ යුද්ධයක් තිබුණනෙ.
වෙඩි තියනවා, මරණවා, ඒ ස්වභාවය සහ පරිසරය යටතේ අතරමං වූ මිනිස්සු ගැන කතාවන චිත්‍රපටයක්. මායිම් ගම්වල ජීවත්වන්න විදියක් නැති, විනෝදාස්වාදයට කිසිවක් නැති පරිසරයක ජීවත්වන මිනිස්සු ගැන කතා වන චිත්‍රපටයක්. එයාලට තියෙන්නෙ පරිසරය එක්ක තියෙන ගනුදෙනුව විතරයි. ඒ හැර ඔය ඔබ කියපු විදියට වැඩිහිටියන්ට පමණයි කියන දේත් තියෙනවා. ඒවා මනුෂ්‍ය අවශ්‍යතානෙ. ඉතින් අද ඊයේ දැන් කියලා වෙනසක් නැහැනෙ.
අද එදාටත් වඩා යුද්ධයකට මිනිස්සු මුහුණදීලා ඉන්නේ. ඒ නිසා ඒ කාලයට විතරක් මේ ෆිල්ම් එක සීමා වෙන්නෙ නැහැ. මොකද එදාටත් වඩා මිනිස්සු අද ජීවන රටාවේ පහතට වැටිලා
0 Comments